Chapter 54 ( Last Chapter )

1.4K 178 163
                                    

" කූ... ඔහොම හිතන්න එපා මැණික ... දැන්වත් ඔය අඩන එක නවත්තන්න ... "

" එයා දවසින් දවස ලොකු වෙනවා ටේ... දවසක එයාට මේ හැමදේම තේරෙයි.... එදාට මං මොකද කරන්නේ..... "

  වේදනාව හා අනාගතය කියන මාතෘකා දෙක හමුවේ ජන්ග්කුක් මිරිකෙමින් හිටියා . ජන්ග්කුක් වගේම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම ආසයි එයාගෙ පැටියව අත් දෙකට තද කරගෙන ඒ පපුවේ උනුහුම දෙන්න මියෙන තුරාවටම. ඒත් දෛවය , කාලය හැමදේම වෙනස් කරනවා. එදා ජන්ග්කුක්ට තුරුල් වෙලා එයාගෙ නිපල් එකක් උරපු ගුකී අද එයාගෙ හත් වෙනි උපන් දිනය සමරනවා. ඔව්... කාලය හරි ඉක්මනට ගෙවිලා ගිහින් . ජන්ග්කුක් බය වුනේම කාලය එයත් එක්ක කරන මේ සෙල්ලමට.

" ඔම්මා ...... අප්පා ........ ඉත්මනත එල්ලකෝ.... හියුන්ගී බාන් ඉල්ලවා..... "

මුළු වටපිටාවම රාත්‍රිය නිසා කලුවර බවක් ගනිද්දී ටේහියුන්ගෙ අලුත් නිවස පමණක් ආලෝකමත්ව තිබුණේ අද එයාලගේ ගුකීගේ උපන්දිනේ නිසා . ගොඩාක් ලොකු පිරිසක් රැස්ව නොසිටියත් ඒ සාදය ගොඩාක් ආදරණීය බවක් ගත්තේ කාලෙකින් ඒ පවුල එලෙසින් එක් වූ නිසා . පුංචි යූල් හම්බෙලා අවුරුද්දකින් ටේහියුන් ඒ ලගින්ම ගෙදරක් ගත්තා . පුංචි පැටව් ටික නම් හැමදාම වගේ හමුවුනත් කාර්යබහුල ජීවිතේ නිසා අනෙක් අය හම්බුණේ කලාතුරකින් .

" ඔම්මා .... ඇයි මේ... ගුකීගේ පාටියට එන්නේ නැද්ද ......... ? "

යූල් මුලින් ජන්ග්කුක්වයි ටේහියුන්වයි අඩ ගහගෙන එන්න ආවත් යූල් කතා කරනවා එයාලට ඇහුණේ නෑ . මොකද ජන්ග්කුක් ඒ වෙලේ ටේහියුන්ට තුරුලු වෙලා හොදටම අඩන ගමනුයි හිටියේ . ගුකීට වගේම යූල්ටත් කවදාවත් එයාගෙ ඔම්මගෙයි අප්පගෙයි කදුළු දකින්න ඕනි වුණේ නෑ . ඒ වගේම පුංචි යූල් දැනන් හිටියා මේ වැටෙන කදුළු වලට හිනාවක් ගේන්න පුලුවන් එකම කෙනා එයා මේ ලෝකේ ගොඩාක් ආදරේ කරන එයාගෙ හියුන්ග් කියලා . ඉදලා හිටලා වලි දාගත්තත් යූල්ට කවදාවත් ගුකී නැතුව ඉන්න බැරිවුණා . යූල් එයාගෙ හියුන්ග් ලගට සොක්ජුනී ඔන්නි එනවටත් අකමැති වෙන්න ගත්තා . මොකද චූටි යූල්ගේ හදවත කැමති නෑ එයාගෙ ගුකී හියුන්ග් එයාට වඩා චුට්ටක්වත් වැඩියෙන් තව කෙනෙක්ට ආදරේ කරනවා දකින්න . යූල් හැමෝටම හොරෙන් ගුකී ලගට ගිහින් එයාගෙ අතකින් ඇදලා ගුකීව එයාගෙ ගාණට පාත් කරගෙන එයා හොයාගත්තු මේ රහස කිව්වා. යූල්ට හිනාවෙලා කිස් එකක් දුන්නු ගුකී යූල්ව ඔන්නිට දීලා එයාලා හැමෝම නිදියන ඒ කාමරේට ගියා.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now