Chapter 38

643 153 64
                                    


" ගුකී .. මගේ බෝලේ.. "

" අප්පා..... "

ඈතින් ඇහුණු ඒ හඩට ගුකීගේ මූණ සතුටින් පිරිලා ගියා . ජන්ග්කුක්ගෙ ඔඩක්කුවේ හුරතල් වෙවී හිටපු ගුකී එයාගෙ අප්පගේ හඩට ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා වේගෙන් ඒ හඩේ අයිතිකාරයගේ පැත්තට වැටි වැටීම දුවන්න ගත්තා . ගුකීට කවුරුහරි කතා කරනවා වගේ ඇහුනත් ඒ කටහඬ කාගෙද කියලා පැහැදිලිව අදුරගන්න බැරි වුණේ ඒ එක්කම හමපු හුලං පාර නිසා .

" අප්පා... මා බාන්නද ආවේ.. මට චොකෝ ගෙනාවද.. "

තමන්ට ටිකක් ඈතින් ඒත් පැහැදිලිව ඇහෙන ගුකීගේ කටහඬට හොදින් සවන් දීගෙන ජන්ග්කුක් හිටියත් එයාගේ හිත හැමවෙලේම කිව්වේ ගුකීගේ අප්පටයි ගුකීටයි තනිවෙන්න දීලා ඔයා මෙතනින් යන්න කියලා . හිත කොච්චර එහෙම තරවටු කරත් ජන්ග්කුක් අඩියක්වත් හෙල්ලුනේ නෑ . ජන්ග්ගුක්ගෙ අප්පා කවුද කියලා බලාගන්න ඕනකම තිබ්බත් එයාට ඒකට ශක්තියක් තිබ්බෙ නැති නිසා ජන්ග්කුක් හිටපු විදියටම ගුකීටත් ගුකීගේ අප්පටත් පිටුපාලා ගුකීගේ හුරතල් කතා අහන් තනියම හිනා වුණා . හිනාවුණේ තනියම වුනාට එයාටත් නොදැනීම එයාගෙ ඇස් වලින් කදුළු කඩන් වැටෙනවා අයිතියක් නැති බැදීමක් වෙනුවෙන් .

" ඇයි මං මෙච්චර ලෝබ. මං ගුකීව දැකලා පැයක්වත් ගිහින් නෑ .. ඇයි මට එයා අයිති නෑ කියලා දැන දැනත් එයා විතරක්ම මේ හිත ඉල්ලන්නේ.. ඇයි මගේ හිත එයාට මේ තරම් ආදරේ කරන්නේ.. "

තමන්ගේ හදවතින් ප්‍රශ්න කරන ගමන් ගුකී එක්ක ගත කරපු ඒ ගෙවුණු විනාඩි කිහිපය ගැන ජන්ග්කුක් මතක් කරේ බිදුණු හදවතක් දෙපලු කරමින් ඉවරයක් නැතුව කඩා හැලෙන කදුළු අතරින් හිනා වෙමින්මයි. තප්පර ගාණක් නොසෙල්වී ගුකීගේ හඩට සවන් දීගෙන අඩපු ජන්ග්කුක් තමාගේ අන්සතු අයිතිය ඔහුටම පවරමින් එතනින් යන්න ගියා .

" මගේ ගුකී බෝලෙට අප්පා චොකෝ ගොඩාලියක් ගෙනාවා. හැබැයි ගුකී ඒවා හැමෝම එක්ක බෙදාගෙන කන්න ඕනි. එතකොට තමා ඒ චොකෝ වල රස තවත් වැඩි වෙන්නේ.. තේරුණා ද මගේ දගයට.. "

" උම්ම්ම්ම්මා... "

කෙල වලින් පිරුණු ලොකු හාදුවකින් ටේහියුන්ගෙ කම්මුලක් පුරවපු ගුකී වේගෙන් වේගෙන් ඔලුව ඉහළ පහල කරන්න ගත්තා . මේ වෙද්දී ජන්ග්කුක් ටේහියුන්ටත් ගුකීටත් අඩි කිහිපයක් ඈත් වෙමින් හිටියත් ඒ කටහඩට එයා හිටි තැනම නැවතුණා . මුලින් වැඩි තැකීමක් නොකලත් ආයේ ආයේ ඇහුණු ඒ පුරුදු හඩ ජන්ග්කුක්ට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ . ඒ එක්කම අනික් පැත්ත බලපු ජන්ග්කුක් දැක්කේ ටේහියුන්ගෙ තුරුලට වෙලා හුරතල් වෙන එයාගෙ ගුකී බබාව. මොනවාද වෙන්නේ කියලා කිසිම අදහසක් නොතිබුණත් ජන්ග්කුක්ගෙ හිතට මුලින්ම දැනුණු හැගීම වුණේ සතුට . එයාට හිතුනා මේ දෙන්නම මගේ නේද කියලා . දැනුණු සතුටට ගල් ගැහිලා තිබුණු ජන්ග්කුක්ගෙ කකුල් වලට ලැබුණු පණ නිසා අඩියෙන් අඩිය ටේහියුන් ගාවට ඇවිත් ටේහියුන්ගෙ පපුවට තුරුලු වුණේ එයාට තවත් බබෙක් ඉන්නවා කියලා ටේහියුන්ට අගවන්නට මෙනි .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now