Chapter 47

676 155 57
                                    

 
  ගෙවුණු දුක්බර දවස් ගාණකට පස්සේ නොහිතපු වෙලාවක ජන්ග්කුක්ගෙන් අහන්න ලැබුණු ඒ වචන ටික ටේහියුන් වගේම අනික් දෙන්නත් වචන අතර හිරකරා. ඔහුට ඕනි වුණේ ඒ උනුහුමයි. දවස් ගාණක් පිස්සුවෙන් වගේ හෙව්වේ ඒ උනුහුමයි . දවස් ගාණක් ඉදන් ලං වෙන්න අවසර නොලැබුණු ජන්ග්කුක්ගෙ උනුහුමට අද ඒ අවසරය ලැබිලා. ඔහු අද රැයත් යහනක් මත කදුළු එක්ක තනි විය යුතුද ?

ජන්ග්කුක්ගෙ අත තමන්ගේ අනික් අතට මැදි වන සේ තදින් අල්ලගත්ත ටේහියුන් හිනාව අතරින්ම වැටෙන කදුළු යහන මතටම භාර කරමින් ජන්ග්කුක්ගෙ නළල මත හාදුවකින් උනුසුම් කරා. නම්ජූන් ජින් දෙන්නා මේ දිහා බලාගෙන හිනා වී ගෙනම කාමරයෙන් එළියට යන්න හැදුවත් ජින්ගේ අතේ හිටපු ගුකීට නම් මේ හාදුව ගැන ඒ තරම් සතුටක් තිබ්බේ නෑ .

" ඔම්මට කිත්. බබාට කිත් නෑ . හුද නෑ ... "

ජින්ගෙ බඩට එයාගෙ චූටි කකුල් වලින් පයින් ගගහා ගුකී මේ ආදරණීය මොහොත විනාශ කරලා දැම්මේ ලොකු සද්දෙකින් ටේහියුන්ට බැන බැන ඉකි ගහද්දියි . ගුකීගේ මේ කෝලම දිහා බලාගෙන ජින්ගෙ තුරුලෙන් ඇදට පැන්න ගුකී නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගෙ පපුව උඩ දෙපැත්තට කකුල් දාගෙන අත් වලින් ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන එයාගෙ එක කම්මුලක් ජන්ග්කුක්ගෙ මූණ උඩ තියාගෙන අඩ අඩම ටේහියුන්ට ඔරවන්න ගත්තා .

" අම්මේ ... ඉතින් ... ඔම්මගේ එරවිල්ල පිහිටලා තියනවා අඩුවක් නැතුවම ... "

" අල්ලන්න අපා මාව.. තලහයි මං උයත් එක්ක.... "

ගුකීගේ කම්මුලක් මිරිකලා කතා කරන ටේහියුන්ගෙ අතට ගගහා ගුකී ජන්ග්කුක්ගෙ බෙල්ල අස්සේ මූණ හංගන් තරහා පිට කරනවා .

" එහෙනම් කට්ටිය හුරතල් වෙන්නකෝ.. ජුනී අපි යමු ලන්ච් එක ලැහැස්ති කරන්න ඕනි.. "

නම්ජූන්ගේ එක අතක් අත් දෙකින්ම බදාගත් ජින් නම්ජූන්වත් එක්කරගෙන කිචන් එකට ගියා. ඔය අතරේ ඇදන් ඉන්න ඇදුම පිටින්ම ජන්ග්කුක්ගෙ එහා පැත්තට පැන්න ටේහියුන් ජන්ග්කුක්ගෙ පපුව උඩ ඉන්න ගුකීගේ වටේ අතක් දාගෙනම හංගන් ඉන්න ඒ මූණ කිස් කරන්න ගත්තා . කිස් එක අතරේ ගුකී මූණ එහෙ මෙහෙ කරන නිසා සමහර හාදු තැවරුණේ ජන්ග්කුක්ගෙ බෙල්ල මත. ටේහියුන්ට ඒක දැනුණු ගමන් හිනාවෙවී අප්පගෙයි පුතාගෙයි කෝලම් බල බල ඉන්න ජන්ග්කුක්ගෙ බෙල්ල උවමනාවෙන්ම සිප ගන්න ගත්තා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now