Chapter 15

848 209 30
                                    


  කාමරයට ගිය ජන්ග්කුක් මුළු ගෙදරම දෙවනත් වෙන්න තරම් සද්දෙන් දොර වහගත්තා. ජින් මේ සද්දේ නිසා පහල ඉදන්ම උඩ තට්ටුව දිහා බැලුවත් මොකුත් නොකිව්වේ එයාට රෙස්ටුරන්ට් එකට යන්න ගොඩාක් පරක්කු වෙලා නිසා.

" ජන්ග්කුක් මට පරක්කු වෙලා . ඉක්මනට එන්නකෝ. "

ජින්ගෙ සද්දේ ජන්ග්කුක්ට ඇහුණත් එයා ඒක ඇහුන් නෑ වගේ ගණන් නොගෙන හිටියේ ජින්ව කේන්ති ගස්සමින් .

" ඔයා එන්නැත්තම් කියන්න. මට ටැක්සි එකක් ගෙන්න ගන්න . "

ජන්ග්කුක්ගෙ බයික් එක වුනත් ඒකේ නියම අයිතිකාරයා වුණේ ජින්. මොකද ජන්ග්කුක්ගෙ බයික් එක ලැබුණේ තෑග්ගක් විදියට . ඒ නිසාම කොච්චර තරහෙන් වුනත් ජන්ග්කුක් පහලට බැස්සේ ජින්ව රෙස්ටුරන්ට් එකට ගිහින් දාන්න.

  ගතවූ විනාඩි විස්ස පුරාවටම දෙන්නා අතරේ කිසිම කතාබහක් තිබ්බේ නෑ . ජන්ග්කුක් කරේ පාර දිහා එක එල්ලේ බලාගෙනම වේගයෙන් බයික් එක පදවපු එක. ජින් මේ අතරේ ජන්ග්කුක්ගෙ හැම වෙනසක්ම නිරීක්ෂණය කරා. බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙන් පේන ජන්ග්කුක්ගෙ මූණ වෙලාවකට තරහින් පුපුරද්දී තවත් වෙලාවක ඒ බෝල ඇස් කදුලින් පිරෙන හැටි ජින් හොදින්ම බලන් හිටියා .
ජින්ට මේකට හේතුවක් හිතාගන්න බැරි වුනත් එයා කැමති වුණේ නෑ ජන්ග්කුක්ව ආපහු තනියෙන් ගෙදර යවන්න.

" කුකී.. ඔයා හොදින්ද .. "

ජින් බයික් එකෙන් බැහැලා ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් ඇහුවත් ජන්ග්කුක් නිහඩයි. එයා බයික් එකේ කී එක දිහා ඔහේ බලන් ඉන්නවා .

" කුකී කතා කරන්න ළමයෝ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද.. මට කොහොමත් මේ විදියට ඔයාව තනියම ගෙදර යවන්න බෑ . ඉන්න මං යුන්ගිට කතා කරන්නම් . "

ජන්ග්කුක් මේ වෙලාවේ යුන්ගිව දකින්නවත් කැමති වුණේ නෑ . අඩුම එයාගේ නමවත් අහගන්න . විශේෂයෙන්ම ජින්ගෙන්.

" හියුන්ග් එපා ප්ලීස් .. මට තනියම යන්න පුලුවන් . මං හොදින්. "

ජන්ග්කුක් ජින් දිහා බැලුවත් ඒ ක්ෂණයෙන් අහක බලාගෙන කිව්වේ එයාගේ තරහට හේතුව ටේහියුන් ඇතුළු සියලු දෙනාම නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now