Chapter 31

832 161 84
                                    


  ටේහියුන් ජින්ලගේ ගෙදරින් ඇවිත් දැන් දවස් තුනක් වෙනවා. එදා යුන්ගි ජන්ග්කුක් දෙන්නා කලින්ම කොලේජ් යන්න පිටවුනු නිසා ටේහියුන්ට ජන්ග්කුක්ව වගේම ජිමින්ට යුන්ගිවත් බලන්න අවස්ථාවක් තිබ්බේ නෑ . ඒ නිසා ටේහියුන් මේ දවස් තුනේම කරේ ජන්ග්කුක්ගෙන් කොහෙදි හරි හම්බෙමු කියලා ඉල්ල ඉල්ල කරදර කරපු එක. ගතවූ දින තුනේම වීඩියෝ කෝල් එකකින් ඇරෙන්න ඒ දෙන්නා එයාලව දැකලා තිබ්බේ නෑ . නමුත් ඔවුන්ගේ ප්‍රේම කතන්දරය නතර වුණෙත් නෑ . එය දිගටම ගලන් ගියා . ඒ අතර යහන් දෙකක වුවද මතකයන් අවුස්සා ගැනීමට ඔවුන් භාවිතා කළ ඔවුන්ගේ ප්‍රේමණීය පණිවිඩකරු වූයේ දුරකතනයයි. සිව්වන රාත්‍රිය වන අදත් එවැනිම දවසක් වුණා .

භාගෙට ඇරුණු ජනෙල් කර්ට්න් අතරින් වෙහෙසට පත් වූ ගතක් සුවපත් කරන්නට මෙන් ගලා ආ සීතල සුලං පොද මුළු ගතම වෙලාගනිමින් ටේහියුන්ව ප්‍රබෝධමත් කරා. මීටර් දෙසීයකට පමණ එහායින් ඇහෙන මහපාරේ නිදි නැති වාහන වල හඩ ඒ රාත්‍රියේ නිහඩ බව බිදින්න සමත්වුණා . මුළු කාමරයම එකම පහන් එළියකින් ආලෝකමත් වෙද්දී මුළු නිවසම අදුරකට වැටුනේ නම්ජූන් ඇතුළු සියලු දෙනාම නිදි බව සනාථ කරන්නට මෙනි. කර්ට්න් එකේ වදින හුලං පාර නිසා ලාවට ඇහෙන ශබ්දය නිරතුරුවම ටේහියුන්ගෙ කල්පනාවට බාධා කළද එයත් එක් ප්‍රේමණීය මතකයක සටහනක් වුණා . නමුත් ඔවුන්ගේ ආදරයේ සාක්ෂිකරු තාමත් ඔවුන් සමග හැංගිමුත්තන් කරනවා. නමුත් ඒ කොච්චර වේලාවකටද ?..

" අදත් ඒකමද ? දැන් ඔයා දවස් තුනක් තිස්සේම මාත් එක්ක සෙල්ලම් කරනවනේ.. අදත්... අදත් ඒකමද ඔයාට කරන්න තියෙන්නේ හද මාමේ... "

" මගේ කුකී හොදින්ද ? ඔයා එයා දිහා බලන් නේද ඉන්නේ .. බැලුවට කමක් නෑ ඒත් බලාගෙන ඉන්න එපා. ඔයාට බැරි වෙලාවත් ඔයාගෙ හාවා වෙනුවට මගේ හා පැටියා ගන්න හිතුන් නෑ නේද ? .. ඔයා එහෙම හිතුවත් වැඩක් නෑ . මං ඔයාට එයාව දෙන්නෑ. "

ටේහියුන් මේ කතා කරන්නේ නාදුනන කෙනෙක්ට නෙමෙයි . එයාට අයිති එයාගෙ ජන්ග්කුක්ගෙ හැංගිලා ඉන්න හද මාමට .

වැසිබර කාලගුණය නිසා වැහි වලාකුලකට මුවා වෙලා ටේහියුන්ට ජන්ග්කුක් ගැන ඔත්තු සපයන හද මාමා තවත් ජනෙල් කවුළුවක අයිතිකාරයෙක්ටත් රහසේම රහස් කිව්වා. වැසී ගිය හදට කතා කරමින් තම දුරකතනයේ ටේහියුන්ගේත් ඔහුගේත් ජායාරූපයක් දෙස බලා හිනාවුණු ජන්ග්කුක්ව තවත් පුදුම වුණේ ඒ මොහොතේම ඔහුගෙන් ආ කෙටි පණිවිඩය නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Место, где живут истории. Откройте их для себя