Chapter 20

818 187 43
                                    


  ඇසිපිය ගහන සැනින් රැයක් ගෙවී එළි වුණේ ජන්ග්කුක්ව පුරුදු කාර්යබහුල ජීවිතයට තල්ලු කරමින් . පාන්දර පහට නාද වූ එලාම් එකේ හඩ ජන්ග්කුක්ගෙ කාමරේ පුරා පැතිරයද්දී තවත් කොට්ටෙකින් කන් දෙක වහගත්ත ජන්ග්කුක් ආයෙත් සැප නින්දකට වැටුණා . නමුත් විනාඩි පහකට පමණ පසු නැවත ඇසුණු ඒ සුපුරුදු හඩ ජන්ග්කුක්ව අඩ නින්දේම නැගිට්ට වන්න සමත් වුණා. තවත් විනාඩි දෙකක් පමණ කාලයක් ඇද උඩම නිදි කිරා වැටෙමින් සිටි ජන්ග්කුක් පියවුණු ඇස් වලින්ම ෆෝන් එක අතට ගත්තෙ යුන්ගිට කතා කරන්න හිතාගෙන .

" මොන ලබ්බකටද ඕයි මෙච්චර උදෙන් යන්නේ. උබ පලයන්. මං බස් එකේ එන්නම්. මං උබට ආදරෙයි. ඒත් ඊට වඩා මගේ රාජකීය නින්දට ආදරෙයි. .. "

යුන්ගිගෙන් ඇවිත් තිබ්බ මැසේජ් එක නිසා කෝල් කරන එක නවත්තලා ඉක්මනට ලැහැස්ති වෙන්න ගියේ උදේ හය වෙද්දී පාර්ක් එකේ ඉන්න ඕනි නිසා . විනාඩි විස්සකින් විතර සියලු දේ සූදානම් කරගෙන පහලට ආපු ජන්ග්කුක් ජින් එක්ක කතා කරන ගමන්ම කෑම ගත්තේ තව විනාඩි දහයකින් යන්න බලාපොරොත්තුවෙන් .

" කුකී.. මෙච්චර කලින් මොකද යන්නේ. අද මුළු දවසම ලෙක්චර්ස් ද ? "

ජින් , ජන්ග්කුක් කලින් යනවා කියලා දැනගෙන හිටියත් එයා ඒකට හේතුව හරියටම දැනන් හිටියේ නෑ . ජන්ග්කුක්ගෙ පලවෙනි ලෙක්චර් එක තිබ්බේ උදේ හතට. එදාට ඒ දවසටම ඒ ලෙක්චර් එක විතරයි තිබ්බේ. උදේ හයට ගියත් ජන්ග්කුක්ට හතට කලින් යුනී එකට යන්න පුලුවන්කම තිබ්බත් එයාට ඕනි වුණේ ටේහියුන් එක්ක පොඩිම හරි කාලයක් ගත කරලා යුනී යන්න.

" හියුන්ග් ..මේ..මේ .. ලෙක්චර් එක නම් හතට . ඒත් අද පලවෙනි දවස නිසා ටිකක් කලින් යනවා. "

ජන්ග්කුක් තම කෑම ප්ලේට් එක දිහාම බලාගෙන පැවසුවේ ජින්ගෙ ඇස් දෙක දිහා බලාගෙන බොරු කියන්න බැරි නිසා.

විනාඩි දහයක පමණ කාලයක් ජින් එක්ක කතා කරමින් ආහාර ගත් ජන්ග්කුක් ජින්ට සමුදීලා තම මෝටර් බයිසිකලය වෙත ගමන් කරේ ජින් ලබාදුන් කෑම බෑගයත් සමගයි. මෝටර් බයිසිකලයට නැගි ජන්ග්කුක් ජින්ටත් අත වනමින් ගේට්ටුව පසු කරමින් ඈතට නොපෙනී ගියා.

"STAY with ME"|| taekook ( ✔️ )حيث تعيش القصص. اكتشف الآن