Chapter 35 🔞

992 176 59
                                    

💥💥 Warning chapter 💥💥

If you're uncomfortable, please skip this chapter

____________________________________________
 
  ඒ එක්කම වගේ මුළු කළුවර වටපිටාවම එළිය කරමින් මහ හඩින් නැගුණු විදුලි කෙටුම ටේහියුන්ගෙ බෙල්ල පුරා හාදු වලින් නහවමින් සිටි ජන්ග්කුක්ව කලබල කරේ ඔහු කුඩා කළ සිටම අකුණු වලට බය බව ඔප්පු කරමින් . අකුණේ හඩට කලබල වුණු ජන්ග්කුක්ට වැරදීමකින් ටේහියුන්ගෙ බෙල්ලේ තම දත් පාරක සලකුණු ඇති වුණේ ටේහියුන්ගෙ පිබිදෙන හැගීම් වලට ආමන්ත්‍රණය කරන්නට මෙනි. මුළු පරිසරයම අදුර නිසා නිහඩ බවක් ගනිද්දී ඒ නිහඩ බව නිරතුරුව බිදුණේ සැරින් සැරේ අහස දෙබෑ කරමින් ඇසෙන අකුණු හඩයි.

ගෙදර ජනෙල් දොරවල් ඇතුළුව මුළු පරිසරයම දෙදරන්න තරම් ගැසූ අකුණක ආරම්භය වුණේ නොකඩවා ඇද හැලෙන තද වර්ෂාවයි. වැස්සේ පටන් ගැන්මත් එක්කම වැඩිවුණු හුලං පාර ගෙදර ජනෙල් දොරවල් වලට වියරුවෙන් මෙන් තට්ටු කරේ ටේහියුන්ගෙ දැහැනට බාධා කරමිනි.

භාගෙට ඇරිලා තිබුණු ජනෙල් ටික වහන්න සෝෆා එකෙන් නැගිටලා යන්න හදපු ටේහියුන් ආයෙත් හිටි තැනම නතර වුනේ තම පපුවට ඔලුව හංගන් බයෙන් වෙව්ලන ජන්ග්කුක් නිසා . තම පපුවට හිරවෙලා තිබුණු ජන්ග්කුක්ගෙ මූණ අත් අතරට ගත් ටේහියුන් තවත් මොහොතක් නොහිතාම ජන්ග්කුක්ව වඩාගත්තා. ටේහියුන්ගෙ උනුහුමත් එක්ක දැනෙන ආරක්ෂාව නිසා තම කකුල් දෙක ටේහියුන්ගෙ ඉන වටා තදින් ඔතාගෙන අත් උරහිස වටා වෙලාගත් ජන්ග්කුක් ටේහියුන්ගෙ නළලට තම නළල තියාගෙන ඒ ආදරණීය ඇස් දිහා ඇසිපිය නොහෙළා බලන් හිටියේ තම නොසන්සුන් හදවත සන්සුන් කරන්නට මෙනි. නමුත් ජන්ග්කුක් දැනන් හිටියනම් ඒ මොහොත ජන්ග්කුක්ගෙ නොසන්සුන් හිත හැගීම් වලින් තවත් නොසන්සුන් කරයි කියලා එයා කවදාවත් මේ වගේ අවධානමක් නොගෙන ඉන්න තිබ්බා.

" ටේ... ටේ... "

අහම්බෙන් මෙන් මුණගැසුණු ටේහියුන්ගෙ හැගීම් ඇවිස්සුනු ඇස් දිහා බලාගෙන ජන්ග්කුක් මිමිණුවේ ඒ ඇස් තමන්වත් නොසන්සුන් කරනවා වගේ ජන්ග්කුක්ට දැනිච්ච නිසා . ඒත් ටේහියුන් නම් ජන්ග්කුක්ගෙ ඇස් මත්තේ අතරමං වෙලා . ඒ එක්කම මුළු අහසම එක රේඛාවකින් දෙබෑ කරමින් ගැසූ අකුණ ජන්ග්කුක්ව කොච්චර බය කරාද කිව්වොත් අකුණේ සද්දෙන් තදින් ඇස් පියවුණු ජන්ග්කුක්ට නොදැනීම තම තොල් ටේහියුන්ගෙ තොල් එක්ක තද වුණේ ටේහියුන්ව පවා හරි සිහියට ගෙන එමින් . නමුත් මේ වෙද්දිත් ටේහියුන් හැගීම් වලට මත් වෙලා. ජන්ග්කුක් කරන හැමදේකම ප්‍රතිඵලය වුණේ ටේහියුන්ගෙ නිදාගෙන හිටපු හැගීම් අවදි වුණු එකයි.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now