Chapter 26

817 184 39
                                    


  රෙස්ටුරන්ට් එකේම කෙලවරකට වෙන්න තිබ්බේ පොඩි පාර්ක් එකක්. ඒක පාර්ක් එකක් වුනත් එතන ගොඩාක් හිටියේ ආදරවන්තයෝ. හදට ආරාධනා කරමින් බැස යන ඉර එළියෙන් මුළු පාර්ක් එකම සැරසෙද්දී ජන්ග්කුක් ටේහියුන් දෙන්නා ඔවුන් වෙනුවෙන් හොයාගත්තේ පාර්ක් එකේ රෝස මල් වවලා තිබ්බ පොඩි ගාර්ඩ්න් එක. ඈතට හරි ලස්සනට පේන කෘත්‍රිම දිය ඇල්ල දෙසට මුහුණලා රෝස මල් වැවූ තණ බිමේම ඉදගත් ටේහියුන් ජන්ග්කුක් දෙදෙනා අතරම විනාඩි ගාණක සිට තිබුණේ නිහැඩියාව මැදින් ඇසෙන ජන්ග්කුක්ගෙ ඉකි ගැසුම් හඩ පමණයි .

" කුකී.. කෝ මේ බලන්න .. ශ්ශ්ශ්ශ් .. හැමදේම හරි. කෝ අඩන එක නතර කරන්නකෝ.. "

තාමත් ටේහියුන්ගෙ තුරුලේ උනුහුමට ගුලිවෙලා තමාට දැනෙන දුක කදුළු කරමින් ඉන්න ජන්ග්කුක් ටේහියුන්ගෙ හඩින් පොඩ්ඩක් ඔලුව උස්සලා ඒ දිහා බැලුවා . මුළු වටපිටාවෙන්ම දැනෙන සන්සුන් බව, හැන්දෑ අහසේ නිහැඩියාව බිදින්නට මෙන් හීනී සද්දයක් නගමින් ප්‍රේමවන්තයින්ගේ ගත ස්පර්ශ කරන්නා වූ ඒ සීතල හුලග නොසන්සුන් ජන්ග්කුක්ව ටිකෙන් ටික සන්සුන් කරා. ඉකි බිදුම අඩු වුවත් ආයෙත් ටේහියුන්ගෙ උනුහුමට ගුලි වුණු ජන්ග්කුක් ඔහුගේ හදගැස්මට සවන් දීගෙන සිටියේ ප්‍රේමණීය හැන්දෑවට මියුරු තනුවක් මුසු කරමින්.

" කුකී.. දැන් ඇති නේද ? කෝ හියුන්ගී දිහා බලන්නකෝ .. "

ටේහියුන්ගෙ හඩට ආයෙත් ඔලුව උස්සපු ජන්ග්කුක්ට නැවත වරක් ඔලුව පපුව අස්සේ හංගගන්න ඉඩ නොදීම ටේහියුන් තම අත් අතරට ජන්ග්කුක්ගෙ මූණ මැදි කරගත්තා. තාමත් කදුළු නිසා දිලිසෙන ඒ බෝල ඇස් , වේලුණු කදුළු පාරවල් එක්ක රතුවුණු කම්මුල් ජන්ග්කුක්ව රෝස මලක් හා සමාන කරා.

" ඕඕඕ.. මගේ චූටි රෝස මල.. මොකෝ මේ.. ඇයි අනේ මෙච්චර රතු වෙලා .. "

ටේහියුන් ජන්ග්කුක්ගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් මිරිකමින් ජන්ග්කුක්ව හුරතල් කරන්න ගත්තේ හරියට අවුරුදු දෙකක තුනක චූටි බබෙක් හුරතල් කරනවා වගේමයි . ඒත් ටේහියුන්ගෙ මේ හුරතලේ දිහා ඇස් වල කදුළු පුරවන් තමන්ගේ හීනී රෝස තොල් එකිනෙක පෙරලගෙනම ටේහියුන් දිහා බලන් හිටපු ජන්ග්කුක් ආයෙත් අඩන මූණක් හදාගත්තේ එයාට දෙයක් මතක් වුණ නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now