Chapter 51

754 153 133
                                    


  තමන්ගේ අප්පට තුරුලු වෙලා කදුළු සලන ටේහියුන්ගෙ කදුළු පිසදැමූ නම්ජූන් අප්පගේ උරහිසෙන් අල්ලගෙන ජින් එක්කම ඩොක්ටර් ලගට ගියා . ඔවුන් අතරේ ඩොක්ටර් විතරක් හිනා වෙලා බලන් ඉද්දී අනෙක් හැමෝගෙම මූණු වල තාමත් තිබ්බේ කලබල ගතිය පිරුණු බයක්. හිනා වෙලා ටේහියුන් දිහා බලපු ඩොක්ටර් එයත් එක්ක එන්න කියලා කියමින්ම තමන්ගේ රූම් එකට ගියා .

" Excuse me ඩොක්ටර් .. මේ පේෂන් ජන්ග්කුක්ගෙ රිපෝට්ස් ෆයිල් එක .. "

නිල් පාට ෆයිල් කවරයක සුදු කොල කෑල්ලක අංකයක් ලියා තිබූ එහි සුදු පාටම කොල කෑලි වගයකින් පිරිලා තිබ්බා . ඒ අතර ECG තීරුවක් ECHO, X ray ඇතුළු විවිධ පරීක්ෂණ වාර්ථා පවා දකින්න තිබ්බේ ජන්ග්කුක්ගෙ රිපෝට්ස් ෆයිල් එක සම්පූර්ණ කරමින් . ෆයිල් එක අතට ගත් ඩොක්ටර්ට හිනා වෙලා සමු දුන්න එය රැගෙන ආ හෙදිය කාමරයෙන් එළියට යද්දී හැමෝගෙම අවධානය තිබ්බේ ඒ ෆයිල් එකේ.

" ඇත්තටම මේකයි මිස්ටර් ටේහියුන්.. මං දන්නෑ ඔයාලා මේ සිටුවේෂන් එක කොයි විදියට භාර ගනීද කියලා .. ඒත් මේක මගේ වගකීම. "

ෆයිල් කවරයේ මුල් පිටුව දිහා බලලා ෆයිල් එක පසෙකට තැබූ වෛද්‍යවරයා තම අතැගිලි එකිනෙක බැද ගනිමින් දීර්ඝ කතාවකට මුල පුරන්න සූදානම් වුණා . හැමෝම ඩොක්ටර් කියන දේ ගැන අවධානයෙන් හිටියත් ටේහියුන්ට ඕනි වෙලා තිබ්බේ ජන්ග්කුක්ව බලන්න යන්න . එයාව තුරුලු කරගෙන හොදින්ද කියලා අහන්න . එයාව ආදරණීය හාදු වලින් නාවන්න. ඒත් ටේහියුන්ට මේ වෙලාවේ තමාව පාලනය කරගත යුතුම වෙනවා. මොකද අද ඉදන් එයාලගේ ගමන තවත් සංකීර්ණ වෙන්නයි යන්නේ.

" කියන්න ඩොක්ටර් .. මොකක්ද ප්‍රශ්නේ ? "

මෙතන ඉන්න යමක් කමක් තේරෙන වගේම අත්දැකීම් බහුලම තැනැත්තා වුණු දේයෝන් ජන්ග්කුක්ගෙ වගකීම භාර ගනිමින් සන්සුන්ව කතා කරා. කිසිම සිහි කල්පනාවක් නැතුව ජන්ග්කුක් ගැනම හිත හිතම හිටපු ටේහියුන්ට පවා එයාගෙ අප්පගේ වගකීම් සහගත වචන ඔහුටම අස්වැසිල්ලක් ගෙනාවා.

" ඇත්තටම මේකයි මිස්ටර් .. මට මේ දේ සීයට සීයක් සාමාන්‍යයි කියලා වගකීමෙන් කියන්න බෑ . ඒ වගේම මේ වගේ සිද්ධි ලෝකේ වෙලා නෑ කියලා කියන්නත් බෑ . ඒකෙන්ම දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මං මේ කියන්න යන කතාව දුර්ලභ දෙයක් කියලා .. "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now