Chapter 49

707 158 46
                                    


  ගුකීගේ අලුත් යාලුවා නැත්තම් මිස්ටර් කිම් එක්ක ගුකී මේ විනාඩි ගාණට ගොඩාක් කිට්ටු වුණා . මිස්ටර් කිම් කාගේ කවුද කොහොම කෙනෙක් ද කියලා නොදැන වුනත් ගුකී ඒ කටහඩට ගොඩාක් ලෙන්ගතු වුණා . මිස්ටර් කිම්ට ගුකීගේ කතා වලින් එයාගෙ අත් දෙකේ ඉදන් අප්පගේ උනුහුම ඉල්ලලා අඩපු පුංචි ටේහියුන්ව මැවි මැවී පේන්න ගත්තා . නම්ජූන්ට දුන්නු ඒ ආදරේ ඒ උනුහුම පුංචි ටේහියුන් ඉල්ලලා අඩන හැම සැරේම දේයෝන් ටේහියුන්ව මග ඇරියත් කවුරුත් දැනන් හිටියේ නෑ දේයෝන් ඒ හැම රෑකම තම කදුළු වලින් යහන මත වූ තම කොට්ටය තෙත් කරා කියලා . තමන් පණ වගේ ආදරේ කරපු කෙනෙක් අවුරුදු ගාණක් කරේ රැවටීමක් කියලා දැන ගත්තම ශක්තිමත් හිතක් පවා මොහොතකට කඩා වැටෙනවා . දාලා ගියපු ඒ ආදරයක් වෙනුවෙන් මග බලාගෙන ඒ ආදරේ අයදිමින් එක් නොවන ප්‍රේමයක් වෙනුවෙන් එදා දේයෝන්නුත් බලන් හිටියා . ඒත් ඒකෙන් වුණේ එයාට ඇත්තටම ආදරේ කරපු අය එයාගෙන් වෙන්වුණු එක විතරයි . හැබැයි දේයෝන්ට හැමදේම තේරුම් යද්දී එයා රැක ගන්න ඕනිම දේවල් එයා නැති කරගෙන ඉවරයි .

" කෑම සීතල වෙනවා අනේ.. ඔය දෙන්නා එන් නැද්ද ? "

නම්ජූන්ව ඩිනර් එකට එක්කන් එන්නම් කියලා පණ්ඩිතකම් කියව කියව නම්ජූන් ලගට ගියපු ගුකීවත් නම්ජූන්වත් තාම ආවේ නැති නිසා ජින් දොර ලග ඉදන් බෙරිහන් දෙන්න ගත්තා . ජින්ගෙ සද්දෙට ඇමතුමෙන් පස්සේ ගුකී එක්ක තරු බල බල හිටපු නම්ජූන් ගුකීවත් වඩාගෙන ජින්ට නෑසෙන විදියට ගුකී එක්ක ජින්ට බැන බැන ඇවිත් ටේබල් එකේ ඉදගත්තා .

" ඔම්මා කුක්කු... "

ගුකී ටික වෙලාවක් කෑම දිහා බලන් ඉදලා ජන්ග්කුක් ගාවට යන්න දගලන ගමන් කතා කරා. ජන්ග්කුක් ගාවට යන්න දගලන ගුකීව ටේහියුන් නම්ජූන්ගේ ඔඩක්කුවෙන් එයාගෙ අත් අතරට අරගෙන එයාට එහා පැත්තෙන් ඉදගෙන ඉන්න ජන්ග්කුක්ව පේන විදියට තියා ගත්තා .

" අපි දෝ කියන්න යද්දී කුක්කු බොමූ..... කෝ බබා ආ කියන්න ... "

ජන්ග්කුක් ගුකීටම කියලා හදපු කෑම එකෙන් කටක් කවන ගමන් ටේහියුන් දිහා බැලුවේ කෑම එකට අතක්වත් තියන් නැතුව මොකාදෝ එකා වගේ ජන්ග්කුක් දිහාම බලන් ඉන්න නිසා . ටේහියුන්ට ඕන වෙලා තියන දේ තේරුනත් ජන්ග්කුක් ඒක ගණන් නොගෙනම දිගටම ගුකීට කවන්න ගත්තා . ජන්ග්කුක් ගුකීට කවනවා ඇරෙන්න තමන්ට අවධානයක් නොදෙන නිසා තොලපට පෙරලගෙන ඇස් දෙකත් බෝල කරන් කෑම ප්ලේට් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා හිමීට කෑම කන්න පටන් ගත්තා . ජන්ග්කුක් දැනන් හිටියා ටේහියුන් කරන හැමදේම ගුකීටත් ඕනි වගේම ගුකීට කරන හැමදේම ටේහියුන්ටත් ඕනි කියලා . මුලින් ජන්ග්කුක් ටේහියුන්ව ගණන් නොගෙන හිටියත් පස්සේ ටේහියුන් මූණත් අමුතු කරගෙන කෑම කන විදිය දැකලා ජන්ග්කුක්ට දුක හිතුනා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now