Chapter 50

728 154 52
                                    


" නෑ මැණික ... ඔම්මට සිදුණේ නෑ රත්තරං ... "

ටේහියුන්ගෙ පපුවට හිරවෙලා අඩන ජන්ග්කුක් අමාරුවෙන්ම අලුත් වෙන කදුළු පාලනය කරගෙන එයාව බදාගෙන ඉන්න ගුකීව අරන් තමන්ගේ පපුවට තුරුලු කරගත්තා . එකිනෙකාට තුරුලු වෙලා වේදනාව කදුළු කරන තමන්ගේ පැටව් දෙන්නවම වටේ තම ශක්තිමත් අත් යවමින් ජන්ග්කුක්ගෙ කඩා වැටුණු හදවතට පවුරක් වුණු ටේහියුන් ඇද මතම ඉදගෙන ඔවුන්ව බදාගත්තා . ගුකීගේ නොතේරුම් කමට කියන වචන ජන්ග්කුක්ගෙ හිත වගේම ටේහියුන්ගෙ හිතත් පාරමින් තුවාල කරත් මේ වෙලාවේ දුර්වල නොවන්නට වග බලා ගත් ටේහියුන් තම කදුළු සගවමින් ඔවුන් දෙදෙනාවත් තුරුලු කරගෙන හිමීට හාන්සි වුණා . විනාඩි දහයක් වගේ ගත වෙද්දී ජන්ග්කුක්ගෙ පපු තුරුලේම නින්දට වැටුණු ගුකීව තවත් තුරුලු කරගනිමින් මෙච්චර වෙලා ඇස් පියාගෙන කදුළු හලපු ජන්ග්කුක් ටේහියුන් දිහාට හැරිලා ආයෙත් අඩන්න ගත්තේ අද ඔහු හිරවෙලා ඉන්නෙත් එදා ටේහියුන්ව දාලා එන්න හේතු වුණු කාරණා අතරේ මේ කාරණයත් ප්‍රබලම එකක් වුණු නිසා .

" ගුකීට එහෙම නොකියා ඉන්න තිබ්බා ටේ..... කවදාහරි එයා ලොකු වුණු දවසක මේ හැමදේම තේරුනු දවසක එයා මාව දාලා ගියොත් ...... මං මැරෙයි දෙයියනේ ...... මගේ පපුව පැලිලා මං මැරෙයි ...... ගුකී මගේ ජීවිතේ ... ගුකීට මාව වටින් නැද්ද ටේ.... මගේ ආදරේ එයාට දැනෙන් නැද්ද ..... ඇයි ගුකී මේ.... "

ජන්ග්කුක් පිස්සුවෙන් වගේ තමන්ගේ කොණ්ඩේ පිටිපස්සට ඇද ඇද එයාගෙ වේදනාව කදුළු කරද්දී ටේහියුන් ජන්ග්කුක්ව සනසන්නට මෙන් එයාව තුරුලු කරගෙන හෙඩ්බෝඩ් එකට හේත්තු වුණා . ජන්ග්කුක් අඩන සද්දෙට ජිමිනුයි යුන්ගීත් දොර ලග හිටගෙන ඇතුලේ වෙන දේවල් ඇස් වල කදුළු පුරවන් අහන් ඉන්න නම්ජූන් ජින් ලගට ඇවිත් නතර වුණා . ඒත් එක පාරටම ජන්ග්කුක්ගෙ විලාපය වැඩි වෙන්න ගත්ත නිසා ලොක් කර නොතිබූ දොර ඇරගෙන අඩාගෙනම ඇතුලට ආපු ජිමින් කොට්ටයක් උඩ නිදන් ඉන්න චූටි ගුකීව නින්දට බාධාවක් නොවෙන විදියටම තුරුලු කරගෙන එතනින් යන්න ගියේ ජන්ග්කුක්ගෙ සද්දෙට ගුකී ඇහැරුනොත් එයත් අඩන්න ගන්න නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now