Chapter 53

835 148 62
                                    


මගේ චූටි රෝස පොහොට්ටුව වෙත,

   මැණික .. මං කොහොමද පුතූ ඔයාට කතා කරන්නේ.. මට සමාවෙන්න මගේ පුතේ ඔයා ලොකු වෙන දිහා බලාගෙන ඒ චූටි අත අල්ලගෙන වැටෙන වැටෙන තැන් වලදී නැගිට්ටවන්න මේ ඔම්මා ඔයා ලග නැති එකට. ඔම්මට කවදාවත් වෛර කරන්න එපා මගේ පුතේ.. ඔම්මා ආසයි ඔයාගේ ඔය චූටි කම්මුල් රතු වෙනකම් ඉබින්න . ඔයාව තුරුලු කරගෙන මේ ලෝකෙටම මේ මගේ පුතා කියලා හයියෙන් කෑ ගහන්න . ඒත් මට ඒ තරම් කාලයක් නෑ රත්තරං ... මට සමාවෙන්න . හරියටම තව දවස් දෙකකින් ඔයා මේ ලෝකේ දකියි මැණික .. ඒත් ඒ දකින ලෝකේ ඔයා දකින තරම් ලස්සන නෑ මගේ පුතේ... ජීවිතේ තුල ඔයා ඉස්සරහට යද්දී ඔයාට ගොඩාක් අය මුණ ගැහෙයි. මගේ චූටි පුතු හිතයි එයාලා ඔයාට කතා කරන්නේ හොදට සලකන්නේ ආදරේ නිසා කියලා . ඒත් හිත ඉල්ලන හැම තැනම ආදරේ නෑ පැටියෝ .. ලැබුනොත් අවංක ආදරයක් එතන මොහොතක් නැවතිලා බලන්න .. හැබැයි රිදුනොත් ඒ තැනදී ඔයා දිගටම ඔයාගේ ගමන යන්න . ආදරය හරි ලස්සනයි ලස්සන තැනක නැවතුනාම... මට විශ්වාසයි මගේ පුතා ඒ ලස්සන තැන හොයාගනී.....

පුතූට දොයි මතයි නේද ? මේ නපුරු ඔම්මා පාන්දරත් ඔයාව ඇහැරවගෙන කරදර කරනවා නේද ?
ඉවසන්න පුතේ..... මට මේ ගෙවන හැම තප්පරේම ඔයත් එක්ක ඉන්න ඕනි...

අදට නවතින්නම් ඩයරි ... මගේ පුතාට මහන්සීයි ලූ.. "

  අවුරුදු විසි දෙකකටත් වඩා පැරණි ටේහිගේ ඩයරියේ අවසන් පිටුව තම පුතාගේ කදුළු වලින් නැහැවුනේ එදා ටේහිගේ කදුළු වලින් ඝන වී තිබූ පිටුව නැවත වරක් තෙත් කරමිනි. අවුරුදු විසි දෙකක් සේජිගේ යහන මත සැගවුණු ටේහිගේ ඩයරිය අද ටේහියුන්ගෙ දෑත මත තිබුණා . ටේහිගේ රෝස මල අද පරවුණු මල් පෙත්තක් මෙන් හඩා වැලපෙද්දී තම උරතලය මත ඔහුට ඕනෑ තරම් හඩා වැලපෙන්නට ඉඩ දුන් සේජි ඔවුන් දෙදෙනා පමණක් සිටි ගෙදර නිහඩවම ටේහියුන්ගෙ කදුළු පිස දැමීමට උත්සහ කරා .

" එදා ඔය විදියටම ලොකු නෝනත් ඇඩුවා පොඩි බේබි.... ලොකු නෝනා හැම තප්පරේම හිතුවේ ලොකු මහත්තයගේ සතුට ගැන විතරයි . සමහර විට මේකත් එයාගෙ පරිත්‍යාගයක් වෙන්න ඇති .... "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now