Chapter 17

824 185 63
                                    

  හිතුවෙවත් නැති විදියට රෝස්ගේ හමුවීම, ඇගේ සුන්දරත්වය , ඔවුනොවුන්ගේ මතකයන් එක්ක ආයෙත් අවුරුදු තුනක් ආපස්සට ගිය ටේහියුන් පැරණි මතකයන් අලුත් කරන්න ගත්තේ තමන් ගැනම සතුටු වෙන ගමන්. ජීවිතයේ නොහිතන තැන් වලදී නොහිතන විදියට අපේ ජීවිත වලට එන මිනිස්සු අපේ ජීවිත වල කොච්චර නම් ඉඩක් ගන්නවද කියලා ටේහියුන් තමන් එක්කම හිතන්න ගත්තා.

ටේහියුන්ට රෝස්ව හම්බෙන්නේ මීට අවුරුදු තුනකට කලින් කැනඩා වලදී. එදා ටේහියුන් රෝස්ට ලං වෙන්න ගත්තේ එයාගේ ආසාවන් රෝස්ගෙන් පිරිමහගන්න. ඒත් රෝස් එදා ටේහියුන්ව ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප වීමම ඔවුන්ගේ නොමැකෙන මිත්‍රත්වයේ ආරම්භය වුණා.

රෝස්ගේ මතකයන් එක්ක ලොකු ගමනක් යමින් හිටපු ටේහියුන් පියවි සිහියට ආවේ ගෙදර බෙල් එක නාද වුණු නිසා.

ට්‍රීං ට්‍රීං ... ට්‍රීං ට්‍රීං ...

  දෙපාරක් තුන් පාරක් බෙල් එක වැදිලා නැවතුණු නිසා ටේහියුන් හිමින් දොර ලගට ගියේ අනික් පුද්ගලයාගේද කලබල ස්වාභාවයක් නොවුණු නිසා . දොර ඇරපු ටේහියුන් ඒ පුද්ගලයාගේ රුව දකිනවත් සමගම තමන්ගේ මූණේ ආදරණීය හිනාවක් ඇදුනේ ඔහුටත් නොදැනීමයි .

" ආන්ටි .. ඔයා කලින් ඇවිත් . මං හිතුවේ හවස් වෙයි කියලා. "

" ඔව් පොඩි මහත්තයා .. ඒත් පොඩි මහත්තයා ගෙදර තනියමනේ. ඒකයි උදේම බස් එකේ ආවේ.
දැන් පොඩි මහත්තයා කාලද ඉන්නේ. "

ටේහියුන්ගෙ ඔම්මා නැතිවුණ දවසේ ඉදන්ම එයාව පණ වගේ බලාගත්තේ සේජි ආන්ටි. ගෙදර වැඩට ඉන්න කෙනා වුනත් ටේහියුන්ට නම් මේ එයාගේ දෙවනි අම්මා. තමන්ගේ ලෙයින් දරුවෙක් නොවූ ඇගෙත් වටිනම වස්තුව වුණේ ටේහියුන් .

" නෑ . මට බඩගිනියි... "

ටේහියුන් හුරතල් වෙවී ආන්ටිට කිව්වේ ආන්ටිගේ ගමන් මලු ටිකත් තමන්ගේ අතට ගනිමින්. කියූ සැනින් තමන්ගේ අතපය හොදට සෝදගෙන කිචන් එකට ගිය සේජි ටේහියුන් වෙනුවෙන් කෑම පිළියෙල කරන්න සූදානම් වුණා.

කිචන් එක ලගටම වෙලා ෆෝන් එක ඔබ ඔබ හිනාවෙවී ඉන්න ටේහියුන් දැක්ක සේජි කතා කරන්න ගත්තේ ලෙන්ගතු නමුත් පුදුමයෙන් .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now