Chapter 13 🔞

1.1K 204 24
                                    

💥 Warning 💥

If you uncomfortable, please skip that part.
I'll keep it marked.

____________________________________________

  ටේහියුන් ජන්ග්කුක්ලගේ ගෙදරින් ඇවිත් දැන් දවස් තුනක් වෙනවා. ටේහියුන් අන්තිමට ජින් හියුන්ග්ට කතා කරේ එයාලා ගෙදරින් ආපු දවසේ හවස. ජින් නම් නම්ජූන්ට කතා කරන හැම සැරේම ටේහියුන් ගැන අහන්න අමතක කරේ නෑ . ජින් ගොඩාක් වෙලාවට රෑ වෙලා තමා නම්ජූන්ට කතා කරේ . ඒ වෙද්දී ටේහියුන් නම් හිටියේ ක්ලබ් එකේ.

ඔව් ජන්ග්කුක්ලගේ ගෙදරින් ආවට පස්සේ ටේහියුන් ආයෙත් පුරුදු විදියට තමන්ගේ පරණ ජීවිතේ ගත කරන්න ගත්තා. ටේහියුන්ගෙ මේ හැසිරීම ටේහියුන්ගෙ අප්පා තුල ටේහියුන් කෙරේ තිබ්බ වෛරය තවත් වැඩි කරා.
ටේහියුන්ගෙ හිනාව ආයෙත් අතුරුදහන් වෙලා . හැගීම් දැනීම් නැති ඇවිදින මලමිනියක් බවට එයාගෙ හැසිරීම පරිවර්තනය වෙලා .

.
.
.
.
.

  පිටත තිබ්බ දැඩි වර්ෂාව වගේම පාර පුරාම තිබ්බ දැඩි මාර්ග තදබදය දෙස කම්පැනියේ උඩු මහලේ සිටම බලාගෙන හිටපු නම්ජූන් තම අත බැදි ඔරලෝසුව දෙස බැලුවේ ඔහුට වෙලාව පිළිබඳ නිසි අවබෝධයක් නොතිබුණු නිසා . එහි රාත්‍රි නමය පසුවී මිනිත්තු කිහිපයක් ගොස් තිබූ නිසා කලබලයෙන් තම දුරකතනය අතට ගත්තෙ තම ප්‍රමාදය පිළිබඳව තම සහෝදරයාට දැනුම් දෙන්න . නම්ජූන් ටේහියුන්ට කෝල් කරත් එයාගෙ ෆෝන් එක ඕෆ් නිසා එයා ට්‍රයි කරේ ලෑන්ඩ් ලයින් එකට ගන්න. දෙපාරක් තුන් පාරක් රින්ග් කරත් එහිද කිසි ප්‍රතිචාරයක් තිබුණේ නෑ . ආන්ටි සතියකට නිවාඩු ගිය නිසා එයා ආයෙත් එන්නේ හෙට. මිස්ට කිම් ඊයේ රෑ ෆ්ලයිට් එකේම ආයෙම ඇමරිකා ගියේ ඉක්මනින් එන්න බලාපොරොත්තුවෙන් . නම්ජූන් බය වුණේ ටේහියුන් තනියම ගෙදර නිසා.
ඔය අතරේ නම්ජූන්ට ඇමතුමක් ආවේ ජිමින්ගෙන්.

Calling ...

" කියන්න ජිමින් "

" හියුන්ග් ටේහියුන් ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑනෙ . එයා දැන් ඔයත් එක්කද ඉන්නෙ . එයාට කියන්න පුලුවන් ද එයාගෙ ජොබ් එක සෙට් කියලා . මට මේක කියනකන් ඉවසිල්ලක් නෑ හියුන්ග් .. "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now