Chapter 10

924 201 23
                                    


Tae's pov

  ජන්ග්කුක් යුන්ගිගේ අතකින් අල්ලගෙන පාර දිගේ රෙස්ටුරන්ට් එකට ආපු විදිය මතක් වෙනකොට දැනටත් මගේ පපුවට කවුරුහරි ගහනවා වගේ මට දැනෙනවා.
මට හිතුනේම යුන්ගිනම් ජන්ග්කුක් වගේ නිහඩ නෑ කියලා. මොකද යුන්ගි බය නැතුව මාත් එක්ක කතා කරනවා . කෝච්චියක් වගේ කතා කරන යුන්ගි ජන්ග්කුක්ගෙ එරවිල්ලට නම් ෆුල් අන්දොස් වෙලා නවතිනවා. මේ දෙන්නගේ මේ පිස්සු වැඩ බලාගෙන ඉද්දී තමා මට ජිමින්ව මතක් වුණේ. මං මෙහෙ එන දවසේ ජිමින් කිව්වා එයා සෝල් වලින් පිටගියා කියලා . ඒක තමා ප්‍රධානම හේතුව මං ජින් හියුන්ග්ලගෙ ගෙදර එන්න. මොකද ජිමින් හිටියනම් මං එයාව මේ දවස් දෙකට අපේ ගෙදර තියාගන්නවා.

ඊයේ රෑ මං හියුන්ග්ට කෝල් කරලා ෆෝන් එකේ නොටිෆිකේෂන් බලද්දී ජිමින්ගෙන් මැසේජ් එකක් තිබ්බා.

" ටේ... ඔයා කොහෙහරි ගියාද ? මං ඔයාලගෙ ගෙදර ගියා. කවුරුත්ම පේන්න හිටියේ නෑ . අඩුම ආන්ටිවත්. ගෙදර දොරත් ලොක් කරලා. උඹ කොහෙද ගියේ.. "


පව් චිමී හොදටම බය වෙලා . මට තාත්තා කෙනෙක් වගේ උපදෙස් දුන්නට එයා කරන්නෙත් පොඩි ළමයෙක් වගේ වැඩ. මං එයාට ෆෝන් කෝල් එකක් අරන්ම වුණු සේරම විස්තරේ කිව්වා.

pov end

( calling )

" හෙලෝ චිමී .. කොහෙද ඉන්නෙ .. "

.............................

" ආ හරි හරි .. මං ඔයාට ලොකේෂන් එකක් ශෙයා කරන්නම්. එතනට එන්න පුලුවන් ද .. "

.............................

" ආ නෑ නෑ හදිස්සියක් නෑ .. පරිස්සමෙන් එන්න. මං බලන් ඉන්නවා.

( cut )

.
.
.
.

  ජිමින් මේ වෙනකොට ඉන්න තැන ඉදන් මෙතනට එන්න පැය එක හමාරක් වගේ කාලයක් යන නිසා ටේහියුන් හැරුණේ ජන්ග්කුක් යුන්ගිගේ කතාවට එකතු වෙන්න හිතාගෙන .
ටේහියුන් දෙන්නා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියත් ඒ දෙන්නට ටේහියුන් ගැන කිසිම ගාණක් නොතිබුණේ දෙන්නම බරපතල කතාවක් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Dove le storie prendono vita. Scoprilo ora