Chapter 39

648 147 55
                                    


  ජන්ග්කුක්ගෙ තුරුලට වෙලා සනීපෙට නින්ද ගිහින් හිටපු ගුකීව තමන්ගේ තුරුලට ගනිමින් ටේහියුන් ජන්ග්කුක්ව බදාගත්තා . අද ටේහියුන්ගෙ උනුහුම දෙන්නෙක්ගේ අතරේ බෙදී ගියා . ඒත් ඒ දැනුණු උනුහුම ජන්ග්කුක්ට මදි බවකට වඩා පිරිච්ච බවක් ගෙනාවා. මේ කුරුලු ජෝඩුවට කුරුලු පැටියෙක් එසේ එක් වෙද්දී තවත් කුරුලු ජෝඩුවක් මේ ආදරණීය කුරුලු කැදැල්ල දිහා සතුටු කදුළු වගුරවමින් ඈත ඉදන් බලන් හිටියා .

" එයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි නේද පූස් ... "

" හ්ම්. ඒ ආදරේ හරි ලස්සනයි චිමී .. "

ටේහියුන් ජන්ග්කුක්ගෙ උනුහුමට මැදි වෙලා ඉන්න ගුකී දිහා බලාගෙන යුන්ගි ජිමින්ව තම තුරුලට ඇද ගනිමින් රහසින්ම මිමිණුවේ මේ කුඩා හඩකින් පවා ඔවුන්ට බාධා කිරීමට තිබූ අකමැත්ත නිසාවෙන් .

එසේ හෝරා කිහිපයක් ගත වෙමින් ඔවුන් දවසේ භාගයක්ම චූටි බබාලා එක්ක කාලය ගත කරා. එකේක හුරතල් වැඩ වලින් සතුටු වුණු ඔවුන් වටපිටාව අදුරු වීගෙන එද්දිම එහෙන් පිටත් වෙන්න සූදානම් වුනත් ගුකී ජන්ග්කුක්ට යන්න දෙන්නේ නැතුව එයාව තදින් බදාගෙන ඉවරයක් නැතුව අඩනවා . ගුකී ටේහියුන්ට ලං වෙන්න දවස් කිහිපයක් ගියත් ගුකී ජන්ග්කුක්ට පැය ගාණක් ඇතුලත ගොඩාක් ලංවුනා . ජන්ග්කුක්ව අතාරින්න බැරි තරම් එයා ජන්ග්කුක්ට ලංවෙලා . ගුකීගේ පැත්ත එහෙම වෙද්දී ජන්ග්කුක්ගෙ පැත්තත් ඊට දෙවනි වුණේ නෑ . ගුකී ඉස්සරහා අඩන්න පුලුවන් කමක් නැති නිසා ඉකි ගැසුම් සගවමින් ජන්ග්කුක් ගුකීව තුරුලු කරගෙන අඩන ගමන් ගුකීව නලවව්වා.

" ගුකී ... ඔම්මා ඔයාව දාලා යන්නෑ බබූ... අපි ඔයාට චොකෝ ගේන්න යන්නේ... කෝ අඩන්න අපා.... මගේ හොද ගුකී පැටියනේ.... "

" මම්මා...... ඉහි ඉහි.... නන්න අපා.... "

ජන්ග්කුක් ගුකීව තුරුලු කරගෙන හෙමින් දෙපැත්තට පැද්දෙන ගමන් ගුකීව භාරව ඉන්න මිස් ලගට ගියා . ගුකී අඩන අතරෙම තමන්ගේ බෙල්ල වටේ තදින් එතිලා තිබ්බ ගුකීගේ චූටි අත් ලෙහාගත්තු ජන්ග්කුක් ගුකීව හෙමින් හෙමින් තමන්ගේ ඇගෙන් ඈත් කරා. ගුකීට දැනිලා නොතිබිච්ච ඔම්මා කෙනෙක්ගේ උනුහුම පලවෙනි වතාවට ගුකීට දැනුණේ ජන්ග්කුක්ගෙන් . ටේහියුන් ගුකීට පපා කියන්න කිව්වත් ගුකී ජන්ග්කුක්ට කතා කරේ එයාට දැනුණු විදියට . තාම වචන හරියට උච්චාරණය කරගන්න බැරි වුනත් ගුකීගේ පැටලෙන ඒ ආදරණීය වචන ජන්ග්කුක්ගෙ හදවත සතුට මුසුවුණු ආදරණීය දරු සෙනෙහසකින් පුරවන්න සමත් වුණා . තමා මෙතෙක් වේලා විදි ඔම්මගේ උනුහුම ටිකෙන් ටික ඈත් වෙනවා වගේ දැනුණු ගුකී ගිලිහුනු තම අත් වලින් ජන්ග්කුක්ගෙ බෙල්ල අල්ලා ගැනීමට උත්සහ කරමින් තවත් හයියෙන් අඩන්න ගත්තේ ජන්ග්කුක් වගේම අනික් තුන්දෙනත් අඩවලාමයි.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now