Chapter 48

700 153 42
                                    


  හෝරා කිහිපයක්ම ගාර්ඩ්න් එකේ වැඩ අතර සුහද කතා බස් වලින් ගාර්ඩ්න් එක පිරී යද්දී රාත්‍රියට අඩ ගහමින් නැගෙනහිරින් චන්ද්‍රයා මෝදු වී ගෙන පැමිණියා. ඊට පැයකට පමණ පෙර පිරිසිදු වෙලා කිචන් එකට ගිය ජන්ග්කුක් ජින් දෙන්නා මේ වෙද්දී රාත්‍රි ආහාරයෙන් භාගෙකට වැඩි ප්‍රමාණයක් පිළියෙල කර අවසන්ව තිබුණා . කිචන් එකේ ඩිනර් එක ලැහැස්ති වෙද්දී අනික් තුන් දෙනත් වොශ් දාගෙන පහලට ඇවිත් මෝදු වූ හද පැහැදිලිව දිස්වෙන ගාර්ඩ්න් එකේ අඹ ගහ යට බෙන්ච් එක ලග වාඩිවුනේ ගුකීව ටේහියුන් ඔඩක්කුවේ තියාගෙනමයි.

" ඇයි හියුන්ග් මටම මෙහෙම වුණේ .. "

ගුකීව තුරුලු කරගෙන හද දිහා බලාගෙන මිස්ටර් කිම්ගේ වචන එක්ක හිරවෙලා හූල්ලන ටේහියුන් වේදනාබර හඩකින් තමාට එහා පැත්තේ ඉදගෙන ගුකී එක්ක විහිලු කරන තම සහෝදරයාගෙන් ඇහුවා. ටේහියුන්ගෙ හඩේ තියෙන වේදනාව තේරුම් ගත් නම්ජූන් ගුකීට විහිලු කරන එක නවත්තලා හද දිහා බලාගෙන හූල්ලන තම එකම සහෝදරයාගේ නිදහස් අත තම අත් අතර රදවගෙන කතා කරන්න ගත්තා .

" ටේ.. මං දන්නෑ අප්පා කියන ඒ පොරොන්දුව මොකක්ද කියන්න .. ඒත් ඔම්මා නැති වෙන්න කලින් අප්පා කියන්නේ හරි ආදරයෙන් හිටපු කෙනෙක් . ඔයාගේ හිනාව තුලින් එයා ඔම්මව දකිනවා නම් මට තාමත් හිතාගන්න බැරි ඇයි එයා ඒකට සතුටු වෙන්නේ නැත්තේ කියලා .. හරියට නිකං එයා ඒ හිනාවට බයයි වගේ හැසිරෙන්නේ.. "

" අතීතය ....... ඒක තමයි හේතුව .. "

නම්ජූන් කතා කරන වචනයක් වචනයක් ගානේ තමන් එක්කම හද දිහා බලාගෙන ප්‍රශ්න කරමින් සිටි ටේහියුන්ට එදා අප්පා කිව්ව කතාවේ සම්පූර්ණ නොවුණු තැන මතක් වුණා . ඔම්මා , පොරොන්දු , සමාව , හිනාව , ආදරය වගේ වචන එක්ක ප්‍රහේලිකාවක් වෙලා තිබුණු පැටලුණු නූල් බෝලයේ අතීතය කියන කොන ටේහියුන් අල්ලගත්තා. මෙතෙක් වේලා හදට සුසුම් ලූ ටේහියුන් එළිය වුණු මූණක් එක්ක නම්ජූන් දෙස බලද්දී පුදුම වුණු නම්ජූන් තම පුදුමය සගවමින් හිස සැලුවේ මුහුණට එවැනිම සිනහවක් නගා ගනිමින්මයි .

" හියුන්ග් ... එදා මං අප්පගෙන් හැමවෙලේම කියවෙන මේ අතීතය ගැන ඇහුවට එයා කරේ ඒ දේ වැඩක් නෑ කියලා මග ඇරපු එක. අද මේ වෙන හැමදේම අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමේ .. ඒවා ගොඩාක් අතීතයට සම්බන්ධයි .... එහෙම නේද .... "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now