Chapter 42

646 157 77
                                    


" මිස්ටර් කිම් ගෙදර ඉන්නවද ? "

" ඔ..ඔව්. ඔයාලා කවුද ? "

" ඔ..ඔයා ???? "

පපු ප්‍රදේශයේ සිට දණහිසට අගල් හතරක් පමණ උසින් නිම වී තිබූ ඇගටම හිර සුදු පාට ශයිනි ගවුමක් ඇද සිටි ඒ තරුණිය තම නෙත් පැලදි කළු පැහැ අව් කණ්ණාඩි යුගල ගලවමින් ජන්ග්කුක්ගෙන් විමසුවා . සුදු පාට මිනි ගවුමේ එක් උරක් සම්පූර්ණයෙන්ම නිරාවරණය වී තිබියදී ගවුමේ සමබරතාවය රැකීමට මෙන් අනෙක් උර මත හීනි පටියක් වූවා. සුදු පැහැයට හුරු අදුරු අළු පැහැති හීල්ස් යුගල ඇගේ ගමනට ආකර්ෂණීය බවක් නිරායාසයෙන්ම එක් කිරීමම ජන්ග්කුක්ගෙ හිත තවත් කලබල කලා. නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සමග සිටි අව් කණ්ණාඩි යුගල පැලදි ඒ සුරූපී තරුණියව මුලින් ජන්ග්කුක්ට අදුර ගැනීමට අපහසු වුනත් ඒ කටහඬ සමග ඉවත් වූ අව් කණ්ණාඩි යුගල ජන්ග්කුක්ව ඔවුන් ඉදිරියේ නිරුත්තර කරා.

" මං හිතන්නේ මේ දරුවා මෙහෙ සර්වන්ට් කෙනෙක් වෙන්නැති ? "

භාගෙට ඇරපු දොර ලග හුස්ම ගැනීමට පවා අමතකව රෝස්ගේ ආකර්ෂණීය බව දිහා බියෙන් මෙන්ම පුදුමයෙන් බලා සිටින ජන්ග්කුක්ගෙන් නාදුනන පිරිමි පුද්ගලයා ඇහුවා. නමුත් ඊට ජන්ග්කුක්ගෙන් පෙර පිලිතුරු ලැබුණේ ඒ සුරූපී තරුණිය රෝස්ගෙන් .

" oh.. no ඩැඩා.. he's not a servant . You're misunderstanding . මේ ටේහියුන්ගෙ යාලුවෙක් . අපි මීට කලින් හම්බෙලා තියනවා.
ඔයාගේ නම........... ජ....ජ..ජන්..ජන්ග්කුක් ..එහෙම නේ?
Anyway , Nice to meet you again jungkook .... "

එදා රෝස් දැකපු පලවෙනි දවසට වඩා අද එයා ගොඩාක් ආකර්ෂණීයයි වගේ ජන්ග්කුක්ට හිතුනා . පොඩි රැලි එක්ක වකුටු වුණු කොණ්ඩය , දිග ඇස් පිහාටු , පාට කරපු තොල් සිම්පල් මේකප් එකකින් වුනත් ඇයගේ සුරූපී බව ඉස්මතු කරන්න සමත් වුණා . අද රෝස්ගේ කටහඩේ පවා අමුතුම ආකර්ෂණීය බවක් තිබුණා . ජන්ග්කුක් ගැන තම දෙමාපියන්ට විස්තර කර දුන් රෝස් තම වම් අත ජන්ග්කුක්ට දිගු කරා. රෝස්ගේ අද පේන මේ අමුතුම ආකර්ෂණීය බවට හේතුව පිලිබදව තමා තුලම ප්‍රශ්න කරමින් සිටි ජන්ග්කුක්ගෙ අවධානය නිරායාසයෙන්ම ගමන් කරේ රෝස්ගේ දික් වූ වම් අතේ පැලදි වටිනා අත් ඔරලෝසුව වෙතටයි. ඔහුට එහි මිල පිළිබඳව නිගමනයකට ඒමට නොහැකි වුනත් ඔහු ඉන් එක දෙයක් තේරුම් ගත්තා . තමාට මුළු ජීවිත කාලෙම රස්සාවක් කරලවත් මේ තරම් මුදලක් හොයාගන්න බෑ කියලා .
ඒ මොහොත තමා ජන්ග්කුක්ට එයාගෙයි ටේහියුන්ගෙයි පන්ති වෙනස ගැන මතක් කරලා දුන්නේ...

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now