Chapter 44

672 159 55
                                    


" බබා.... කෝ කුක්කු බොන්න නැගිටින්න ... "

" චව සුට්ටාක්... "

" නෑ ...නෑ .. මේ කුක්කු එක බොන්න. ඔයත් හරියට ඔයාගේ අප්-......... ගුකී නැගිටින්න බබා.... "

කොට්ට හතරක් මැද ඩුවට් එකට ගුලිවෙලා ජන්ග්කුක්ගෙ ඇද බදාගෙන නිදාගෙන ඉන්න ගුකීට කිරි බෝතලේ පොවන්න ජන්ග්කුක් ගුකී නැගිට්ටවන්න උත්සහ කරා . අනාථ නිවාසේ චූටි චූටි ඇදවල් වල නිදාගත්ත ගුකීට දැන් දවස් දෙකක් තිස්සේ ඕනෑවටත් වඩා සැප යහනක් හම්බුණා . ඒ ජන්ග්කුක්ගෙ පපු තුරුලයි.
ඔව් අදට ජන්ග්කුක් ටේහියුන්ගෙන් වෙන්වෙලා දවස් හයක් වෙනවා. එදා දවසින් දවස් තුනකට පස්සේ ජින් , නම්ජූන් ආයේ සතුටින් ගෙදර ආවත් මේ වුණු හැමදේම දැනගත්තට පස්සේ ඒ සතුට ඉබේටම නැති වෙලා ගිහින් කලකිරීමක් බවට පත් වුණා . ජින් මුලින් මුලින් ජන්ග්කුක් ගැන සැක කලත් ඒ සැකේ ජින් ස්ථිර කරගත්තේ එදා සිදුවීමෙන් පසුවයි.

ජන්ග්කුක් ගෙදරින් ගිය දවසේ ඉදන් අදට දවස් දෙකකට කලින් වෙනකම්ම ටේහියුන් ජන්ග්කුක් හම්බවෙන්න ආවත් ජන්ග්කුක් ඒ හැම මොහොතෙම ටේහියුන්ව ප්‍රතික්ෂේප කරා. පැය හතරක් පහක්, ඊටත් වඩා වැඩි කාලයක් වැහුණු දොර දිහා බලාගෙන කෑ ගහලා අඩන ටේහියුන් තවත් වැටෙන්න කදුළු නැති වෙනකොට ආයෙත් පිස්සෙක් වගේ තමන්ගේ ගෙදර ගියා. මේ වෙද්දී මිස්ටර් කිම්ට ටේහියුන්ගෙ ඇත්ත තත්ත්වේ ටිකෙන් ටික තේරුම් යමින් තිබුණත් සොන්ග් පවුල ටේහියුන් ගැන බලාපොරොත්තු ඕනෑවටත් වඩා පුරවගෙන කිම් පවුලට තව තවත් සමීප වෙන්න ගත්තා .

නම්ජූන් ටේහියුන්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා පුරුද්දක් විදියට කරපු එකම දේ වුණේ අඩපු එක. ගෙදර ඉන්න හැම වෙලාවකම ජන්ග්කුක්ව කන්ටෑක් කරගන්න හැදුවත් එයාට අහන්න ලැබුණේ ඒ අංකය භාවිතයේ නෑ කියලා විතරයි . ඒ වෙද්දී ජන්ග්කුක් එයාගෙ අලුත් නම්බර් එක දීලා තිබ්බේ ජින්ට විතරයි . ඒකත් ජින්ගෙන් පොරොන්දු ගොඩාක් අරගෙන .

ටේහියුන් නැති හැම රෑකම ජන්ග්කුක්ට ඒ උනුහුම ඕනි වුනත් ටේහියුන් වෙනුවෙන්ම ඒ මතක වලින් ඈත් වෙන්න එයා තීරණය කරා . ටේහියුන්ගෙ මොන දේ අමතක කරත් ඒ මතකයන් නැවත ක්ෂණයෙන් මතක් කරන්න පුලුවන් වටිනා වස්තුවක් ටේහියුන් ජන්ග්කුක්ට ඉතුරු කරලා.
' කිම් ජන්ග්ගුක් '  එයාගෙයි ටේහියුන්ගෙයි ආදරේ පලවෙනි සලකුණ .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now