Chapter 11

894 209 36
                                    


  පැය දෙකක් තුනක් විතර බීච් එකේ කාලේ ගතකරපු සිව්දෙනාම ගෙදරට එනකොට හොදටම දවල් වෙලා තිබ්බා. එනගමන් මග තිබ්බ හොටෙල් එකකින් දවල්ට කාලා නූඩ්ල්ස් වගයක් පාර්සල් කරගෙන ආපු නිසා කට්ටියම වොශ් එකක් දාගෙන ගෙනාපු කෑමත් කාලා ගියේ ටීවී එක ලගට ෆිල්ම් එකක් බලන්න හිතාගෙන . ඒත් හතරදෙනාගෙම ෆිල්ම් ටේස්ට් එක හතරක් නිසා ෆිල්ම් බලන එක අතෑරලා දාලා ඒ වෙලාවේ යන කාටුන් එකක් බලන්න පටන් ගත්තා .

ජිමින්ටත් අද දවසේ කරන්න විශේෂ වැඩක් තිබ්බෙ නැති නිසා ජිමිනුත් ටේහියුන්ගෙ කීමට ජන්ග්කුක්ලගේ ගෙදර නතර වුණේ හෙට ටේහියුන් එක්කම ආපහු ගෙදර යන්න බලාපොරොත්තුවෙන් . හතරදෙනාම දවල් වරුව වගේම හවස් වරුවෙත් භාගයක්ම ටීවී එක ඉස්සරහා ගෙවලා දැම්මේ වෙන කිසිම දෙයක් කරන්න ඇගට පණක් තිබ්බෙ නැති නිසා .

උදේ ඉදන් බීච් එකේ ඇවිදලා ඇවිදලාම දැනුණු මහන්සිය නිසා ජන්ග්කුක්ට සෝෆා එකේම නින්ද ගිහින් . ටේහියුන් සෝෆා එකේ කොනකට වෙලා කකුල් දෙක අස්සේ මූණ හංගන් නිදාගෙන ඉන්න ජන්ග්කුක් දිහා බලන් ජන්ග්කුක්ට කතා කරේ ඇදට යන්න කියන්න . ඒත් ජන්ග්කුක්ගෙ කටින් පිටවෙන හීන් ගෙරවිල්ල ජන්ග්කුක්ව ඇහැරවන්න බෑ කියලා ටේහියුන්ට තේරුම් කරා. තමන් දවසක් මේ ගෙදර හිටියත් තාමත් ටේහියුන්ට දැනෙන ආගන්තුකබව නිසා ටේහියුන් යුන්ගිට කතා කරන්න හැරුණේ ජන්ග්කුක්ව කාමරයට එක්කන් යන්න කියන්න හිතාගෙන .

ඒත් ටේහියුන් දැක්ක දෙයින් එයා උඩ ගියේ තමන් දකින දේ තමන්ට විශ්වාස නොවුණු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් ටේහියුන් දැක්ක දෙයින් එයා උඩ ගියේ තමන් දකින දේ තමන්ට විශ්වාස නොවුණු නිසා . ජිමින්ගෙ උරහිසට ඔලුව තියාගෙන ජිමින්ට හොදටම හේත්තු වෙලා හිටපු යුන්ගිගේ ඔලුවටම ඔලුව තියාගෙනම ජිමිනත් හොදටම නිදි. යුන්මින් මේ ඉන්න විදිය ගැන ටේහියුන්ට කියාගන්න බැරි සතුටක් ආවත් එයා දැනන් හිටියේ නෑ ඒ ඇයි කියලා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now