Chapter 18

771 191 35
                                    


  ඒ සිද්ධියෙන් පස්සේ ජන්ග්කුක් කරේ මුළු දවසම කාමරේට වෙලා දොර වහගෙන අඩපු එක. හවස් වරුවේ ගොඩාක් වෙලාවට යුන්ගි ජන්ග්කුක් දෙන්නම පාර්ක් යන්න පුරුදු වෙලා තිබ්බා. අදත් හවස හතර විතර වගේ වෙනකොට යුන්ගි ජන්ග්කුක්ට කෝල් කරත් එයා ආන්සර් කරේ නෑ . ෆෝන් එක දිගටම රින්ග් වෙන්න ගත්ත නිසා යුන්ගිට මැසේජ් එකක් දැම්ම ජන්ග්කුක් ආයෙත් කොට්ටයක් තදින් බදාගෙන අඩන්න ගත්තා. හැම විනාඩි දහයකට සැරයක්ම ටේහියුන් තමන්ව අන්බ්ලොක් කරලා ඇතියි කියලා හිතලා ෆෝන් එක දිහා බැලුවත් ඒ හැම සැරේම වුණේ ජන්ග්කුක්ගෙ කදුළු අලුත් වුණු එක විතරයි .

හවස හයට කිට්ටු වෙනකොට ජින්ගෙන් ආපු කෝල් එක නිසා තම කදුළු පිහදාගනිමින් සන්සුන් විදියට ජින් එක්ක කතා කරන්න ජන්ග්කුක් උත්සහ කරා .

Calling ....

" ජන්ග්කුක් ඔයා ඇවිත් ද ඉන්නේ. ඇයි ළමයෝ රෙස්ටුරන්ට් එක ඇතුලට ආවේ නැත්තේ. කොහෙද ඉන්නෙ කියන්න. මං අද හයට කලින් ලීව් වෙනවා.. "

ජින් කියවගෙන කියවගෙන ගියා.

මේ හැමදේම අහගෙන ඉන්න ගමන් ජන්ග්කුක් තමන්ගේ අතකින් තදින් කට වහගත්තේ පිටවෙන්න යන ඉකිය පාලනය කරන්නට මෙනි.

" හි..යු..න්ග්.. ඔයා..ට පුලුවන් ද අද..ට විතරක් ටැක්සි එකක් දාන් එන්න.. "

ජන්ග්කුක් කැඩුණු කටහඬකින් පැවසුවා. නිතරම බිදෙන වචන , වචන අතරින් ලාවට ඇහෙන ඉකිය ජන්ග්කුක් අඩන බව ජින්ට හොදින්ම තේරුම් කරා. ඒත් ජින් කලබල වුණා කියලා ජන්ග්කුක්ට පෙන්නන්න ගියේ නෑ . එයා සාමාන්‍ය විදියට කතා කරා.

" නෑ නෑ කුකී .. එක අතකින් ඔයා ආපු නැති එක හොදයි. නම්ජූන් වැඩකට මේ ලගට ආවා. සමහර විට එයා තාම ඇති. මං කතා කරලා බලන්නම්කෝ.. "

ජින් එහෙම කියලා ජන්ග්කුක් කතා කරනකං බලන් හිටියත් එයා කතා කරේ නෑ . ඒ වෙනුවට ජින්ට ඇහුණේ ජන්ග්කුක්ගෙ වේගවත් හුස්ම හඩ විතරයි .

" කුකී ... මොකද ? ඔයා අඩනවද.. "

" අනී හියුන්ග් .. මේ.. මේ මගේ.. ඔලුව රිදෙනවා ඒකයි. "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now