Chapter 40 🔞

884 153 24
                                    


  ජන්ග්කුක්ව ඇහැරවලා කෑම කවලා වොශ් කරවලා නිදි කරවපු ටේහියුන් ගෙවුණු දවස ගැන කල්පනා කරමින්ම ජන්ග්කුක්ව තුරුල් කරගෙන නින්දට වැටුණා . මුලින් මුලින් ටේහියුන්ට නින්ද අහලකවත් නොතිබුණත් තමන්ගේ තුරුලේ ගුලිවෙලා ඉන්න ජන්ග්කුක්ගෙන් පිටවෙන හීන් ගෙරවිල්ල ටේහියුන්ට නැලවිල්ලක් වුණා . රාත්‍රි නිහඩ වටපිටාවේ හැම තැනම කළුවර වෙද්දී මුළු නිවසටම එක කාමරයක පමණක් කුඩා පහන් එළියක් දැල්වුණා. හැමෝටම විඩාබර දවසක නිමාව නින්දක් වෙද්දී යුන්ගිටයි ජිමින්ටයි එදා රැය තවත් වෙහෙසකර දිගු රැයක් වුණා .

සියලු දේ සිදුවෙමින් අදුර නිමාවෙන්නට පැය හතරකට පමණ පෙර මැදියම් රැයේ ටේහියුන්ට දැනුණු දැඩි පිපාසය නිසා ජන්ග්කුක්ගෙ උනුහුමෙන් වෙන්වී කිචන් එක පැත්තට ගියා . තම පිපාසය සංසිදුවා ගත් ටේහියුන් නැවත ලිවින් රූම් එක හරහා ඇවිත් පඩිපෙළ නගින්න පලමු අඩිය තිබ්බත් අදුරේ ඔහු දුටු ඡායාව ඔහුව ඒ දෙසට යොමු කරා.

" ඔයා ඔහොම ඉද්දී ඔයා නපුරුයි කියලා පේන්නෙම නෑ .. "

සෝෆා එකට බර වෙලා හිටි අයුරින්ම නින්ද ගිහින් හිටපු මිස්ටර් කිම්ගේ ඔලුව ලාවට අත ගාමින් කදුළු වලින් තෙත් වුණු ඇස් වලින් බලාගෙන ටේහියුන් මිමිණුවා . මිස්ටර් කිම් , ටේහියුන්ට කොච්චර නපුරු විදියට සැලකුවත් ටේහියුන්ගෙ ආදරේ අඩුවක් වුණේ නෑ . ටේහියුන් අප්පගෙන් බලාපොරොත්තු වුණු ඒ ආදරේ එදා එයාට ලැබුණා නම් අද ජන්ග්කුක්ට මීට වඩා ආදරණීය ටේහියුන් කෙනෙක් ලැබෙන්න තිබ්බා. සමහර විට ජන්ග්කුක්ට ටේහියුන්ව නොලැබෙන්නත් තිබ්බා.

අප්පගේ නින්දේදී පේන ඒ අහිංසක මූණ දිහා බලාගෙන තම අත් මිස්ටර් කිම්ගේ අත් අතරිනුත් පිට අතරිනුත් යවමින් ටේහියුන් ඔහුව සෝෆා එකේ වැතිර වලා කුෂන් එකක් හිස ලගට වෙන්න තිබ්බා. මිස්ටර් කිම්ගේ කාමරේට ගිය ටේහියුන් බෙඩ්ශීට් එකකින් මිස්ටර් කිම්ව පොරවලා එයා එයාගෙ කාමරේට ගියා .

" කොහෙ.. ද ගියේ .. "

ටේහියුන්ගෙ උනුහුම නැති වෙනකොට ඇස් වහගෙනම ටේහියුන්ව තම අතක් ඇදේ එහා කොනටම ගෙන යමින් ටේහියුන්ව හොයපු ජන්ග්කුක් ඔහු නැති තැන නින්දෙන් අවධි වෙලා ඔහු එනකං හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා හිටියා . කාමරේ දොර විවර වෙනවත් එක්කම ඒ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් ඇද මත හිටගෙන ටේහියුන් දිහාවට අත් දික් කරගෙන ටේහියුන්ගෙන් ඇහුවා.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now