Chapter 27

776 183 62
                                    


  ජින් ඈත තියාම බෙරිහන් දීගෙන එනකොටත් ජන්ග්කුක් හිටියේ ටේහියුන්ගෙ නහය මිරිකන ගමන් . මේ සිද්ධිය පලවෙනි වතාවට ජින් දැක්කා. තමන්ගේ හිත ඇතුලේ ප්‍රශ්න කෝටියක් කැරකෙද්දී ජින් හිමින් සැරේ මේ අය ගාවට ලං වෙනවත් එක්කම කලබල වුණු ජන්ග්කුක් ටේහියුන් ලගින් තම අත අරන් මොකුත් නොවුණු ගානට ජින් දිහා බලන් හිටියා .

" මොකෝ මේ හතරදෙනාම .. අද ගෙවල් වලට යන්න අදහසක් නැද්ද ? එතකොට ජන්ග්කුක් ඔයා.. පාර්ක් එකේ බයික් එක තියනවා බයික් එකේ අයිතිකාරයා නෑ .. ? "

ජින් හතර දෙනා දිහාම මාරුවෙන් මාරුවට බලමින් කතා කරත් කවුරුත් එක වචනයක්වත් කියන් නැතුව ජින් කියන හැමදේම අහන් හිටියා . ජින් කියන දේට අවධානය දෙනවට වඩා හතර දෙනා ඔවුනොවුන්ගේ ඇස් මාර්ගයෙන් මොන මොනවදෝ කියාගන්නවා ජින් බලන් හිටියේ ටිකක් කුතුහලයෙන් .

" එතකොට ටේහියුන් . අනික් කෙනා ජිමින් .. අද කීයටද ගෙදර යන්න හිතන් ඉන්නේ.
ටේහියුන් ඔයාට හෙට හියුන්ග් එක්ක ඔෆිස් යන්න තියනවා නේද ? පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්නද මේ කොල්ලගේ කල්පනාව ? "

නම්ජූන් ජින්ට ටේහියුන් ගැන ඊයේ රෑම හැම විස්තරයක්ම කිව්ව නිසා ජින් හොදින්ම දැනන් හිටියා හෙට ටේහියුන් ඔෆිස් යන පලවෙනි දවස කියලා . මේ ගැන මෙතන ඉන්න අයගෙන් ජින් ඇරෙන්න කවුරුත්ම දැනන් හිටියේ නෑ . ජිමින් එක්ක ටේගේ ජොබ් එක ගැන නම්ජූන් පස්සේ කතා කරන්නම් කිව්වත් මේ දවස් වල කම්පැනි එකේ වැඩ එක්ක හිරවුණු නම්ජූන්ට ඒක නිකම්ම අමතක වෙලා ගියා.

" ටේ.. ඔයා හෙට ජොබ් එකකට යනවද ? මට නිකමටවත් කිව්වේ නෑනේ . කොහෙද ? කා ගාවද ඔයා වැඩ කරන්න යන්නේ .. ? "

බිම බලාගෙන හිටපු ජිමින් ජින් කියූ දේ ඇහෙනවත් එක්කම බැලුවේ ටේහියුන් දිහා . ටේහියුන් ජිමින්ගෙන් ජොබ් එකක් ඉල්ලන්න ප්‍රධානම හේතුව වුණේ අප්පගේ කම්පැනි එකේ වැඩ කරොත් අප්පට තවත් කේන්ති යයි කියලා තිබ්බ බය. මේ ගැන ජිමින්ට කිහිප සැරයක්ම කියලා තිබුණා . ඒත් ජිමින්ට ප්‍රශ්නයක් වුණේ තමන් දුන්න ජොබ් එක නැතුව ටේ කවුරු ගාව වැඩ කරන්නද හදන්නේ කියන එක.

"STAY with ME"|| taekook ( ✔️ )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें