Chapter 12

909 208 47
                                    


jimin's pov

මං අද දැක්කේ වෙනස්ම ටේහියුන් කෙනෙක් . සාමාන්‍යයෙන් ටේහියුන් කියන්නේ කාත් එක්කවත් ලේසියෙන් හිනාවෙලා කතා කරන කෙනෙක් නෙමෙයි . ඒත් අද මං සාමාන්‍ය ටේහියුන්ට වඩා වෙනස් වුණු ටේහියුන් කෙනෙක් දැක්කා. මං අවුරුදු ගාණක් ටේහියුන්ගෙන් බලාපොරොත්තු වුණේ මේ වෙනසම තමා .
ඒත් මට තාමත් හිතාගන්න බැරි ඒ වෙනසට හේතුව මොකක්ද කියලා .

මං මුළු රෑම කරේ ඇදේ එහා කොනටම වෙලා ටේහියුන්ගෙ මේ වෙනස ගැන කල්පනා කරපු එක. පැය දෙකක් තුනක්ම ඒ ගැන කල්පනා කර කර ඉද්දීම ලාවට මගේ ඇස් පියවෙනවා වගේ මට දැණුනේ මං නින්දට ලගයි කියලා මතක් කරමින්.

ඒත් ඇදේ එහා කොනෙන් හීනියට ඇහෙන හිනා හඩ නිසා මං හිමින් ඇහැරලා බැලුවේ ටේහියුන් තාමත් නිදි නැතුව හිනා වෙනවද කියලා .

" හරි හරි සොරි ලගට එන්නකෝ.. "

" හරි මං සොරි කිව්වනේ... "

" ඔහොම ඔරවන්න එපා මට ගිලින්නමයි හිතෙන්නේ.. "

නෑ එයා හීනෙන් කියවනවා. මොනාවුනත් කොල්ලා ඉන්නෙ පැණි බේරෙන හීනෙක කියලා මට කියන්න අමාරු වුණේ නෑ . මොකද ඒ මූණේ තිබ්බ පැණි හිනාව හීනය මොනවගේ එකක්ද කියලා තේරුම් කරා.
හීනේ මුල,මැද,අග ගැන මට කිසි අවබෝධයක් තිබ්බෙ නැති වුනත් මමත් ටේගේ පැණි බේරෙන මූණ දිහා බලාගෙන ඇහෙන දේවල් වලින් සිටුවේෂන් එක මවාගත්තේ ටේහියුන් දිහා හිනාවෙවී බලන් ඉද්දිමයි .

මුළු රෑම ටේහියුන්ගෙන් ඇහෙන වචන හමුවේ සිටුවේෂන් මවමින් හිටපු මට නින්ද ගියේ කොයි වෙලාවෙද කියන්න මංවත් හරියට දන්නෑ .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now