Chapter 46

679 154 44
                                    


  ජන්ග්කුක් කියන දේවල් වලට බාධාවක් නොකරම සන්සුන්ව අහන් හිටපු ටේහියුන් ෆාදර්ගෙන් ගුකී ගැන විස්තරක් හොයාගන්න බලාපොරොත්තුවෙන්ම ජන්ග්කුක්වත් ඇදගෙන නම්ජූන් ගුකී ඉන්න තැනට ගියා. ඒ යනකොට එතන තවමත් නම්ජූන් ගුකීට අමතරව එයාලත් එක්ක ෆාදර්ත් ඉන්න එක ගැන දෙන්නගෙම හදවත් වලට බලාපොරොත්තුවක් එක් කරා. එයාලා හිටියේ පල්ලියේ එහාම කොනට වෙන්න තිබ්බ මායිම් ඉඩමේ. ඒකේ තරමක් විශාල ප්‍රමාණයේ පරාසයක උදුපියලිය වගා කරලා ඒවා අතර ජල මල් වගේම ජලය පිරුණු හිදැස් තැනින් තැන නිර්මාණය කරලා තිබ්බා. ඒ උදුපියලිය වවපු දිගු බිම් කොටසක මායිම වුණේ ආවරණය වූ දැලක්. ඒ දැල හාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම නිර්මාණය වෙලා තිබුණා . දැලට අඩි කිහිපයක් ඉදිරියෙන් සාමාන්‍ය බිම් පැහැයේ අඩි පාරක් තිබ්බේ හාවන්ව බැතිමතුන්ගෙන් මදක් ඈත්ව තබා ගැනීමටයි.

" ජුනී සම්චොල් ... අල අල... අපි අලයව ගෙදල එත්තන් යං.. බාන්නකෝ එයා මට ඉනා වුණා .. අලේ අපි ගෙනියමුකෝ... "

දැලට ඇතුලින් ගුකීට ගොඩාක් ලංව ඉන්න හා පැටියෙක්ට අත් දික් කරන ගමන් ගුකී නම්ජූන්ගේ කලිසමෙන් අදින්න ගත්තා . ගුකීට බෑ කිව්වොත් එයා මෙතන අඩන්න ගනී කියලා දන්න නිසා අසරණ විදියට ෆාදර් දිහා බලපු නම්ජූන් මොනවහරි කියන්න කියලා ෆාදර්ට ආයාචනා කරා.

" මෙහෙමනේ බබෝ... ඒ හා පැංචා හරියට ඔයා වගේ.. එහෙම නේද ....... "

ෆාදර් කියන දේ හොදට අහගෙන දැල ලගම වාඩිවෙලා බලාගෙන ගුකී වේගෙන් ඔලුව වැනුවේ ෆාදර් එයත් හාවෙක් වගේ කියලා කියපු නිසා . ෆාදර් ගුකීට ඉතුරු ටික කියන්න ගුකීගේ උසටම තණ ගොල්ලේ දණ ගහද්දී නම්ජුනුත් ගුකීගේ ඉනට අත දාගෙන දණ ගැහුවා. ඒ එක්කම එතනට ආපු ගුකීගේ ඔම්මයි අප්පයි ගුකීව මැදි කරගෙන දණ ගහගත්තේ නම්ජූන් කාලෙකින් එකතු වුණු මේ පවුලට ලං වෙන්න දීලා අඩි කිහිපයක් ඈත් වෙද්දීයි .

" බබාට වගේම එයාටත් චූටි පවුලක් ඉන්නවා.. ඔම්මා අප්පා තව ඔයාගේ සම්චොල් වගේ අය.. ඒක තමා එයාගෙ පවුල ..
දැන් බලන්න ගුකී බබාටත් චූටි පවුලක් තියනවා නේද ...... "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now