Chapter 43

666 159 93
                                    


  එදා හවස මිස්ටර් සොන්ග්ට නොහිතපු වෙලාවක මීටින් එකක් වැටුණු නිසා හදිස්සියේම සොන්ග් පවුලට මිස්ටර් කිම්ගේ ගෙදරින් යන්න වුණා . ඔවුන් එහෙන් සමු ගත්තේ නිකම්ම නෙමෙයි විවාහයට දින නියම කරගෙන නැවත පැමිණෙන පොරොන්දුව පිට. ටේහියුන්ට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕනි වුනත් මොකක්දෝ හේතුවකට ඒ මොහොත ටේහියුන්ව ගොළු කරා. තමන්ගේ විවාහය තමන් නොදැනුවත්වම රෝස්ට තීන්දු කරලා ඉවරයි කියලා දැනගත්තාම ජන්ග්කුක් වගේම ටේහියුන්නුත් ගොඩාක් දේවල් අතර හිරවුණා. ඒත් මොනදේ වුනත් ඉස්සරහට ඒ හැමදේකටම ජන්ග්කුක්ගෙ අත අල්ලගෙන මුහුණ දෙන්න තීරණය කරපු ටේහියුන්ට ඒ තීරණය ඒ මොහොතේම බිද දැමීමට සිදුවුණේ ජීවිතේ පලවෙනි වතාවට එයාගෙ අප්පා තමන්ට ආදරයෙන් කතා කරපු නිසා .

" පුතේ.. මං ඔයාට දරුණු අප්පා කෙනෙක් වෙන්න ඇති . ඒත් ඒකෙන් කියන්න බෑ නේද මං ඔයාට ආදරේ නෑ කියලා ....
ඇත්ත. ඔයාගේ පලවෙනි හුස්ම ඔයාගේ ඔම්මගේ අන්තිම හුස්ම වුණා . මට එදා මගේ ආත්මෙම නැති වුණා පුතේ.. ඒත් ඔයාගේ ඔම්මා එයාගෙ හිනාව ඔයාට දීලා ගිහින් . ඒත් ඔයා මං ඉස්සරහා ඔයාට තේරෙන වයසේ ඉදන් අද වෙනකං හිනා වෙලා නෑ . මං ඉස්සරහා මං විසින්ම ඔයාගේ හිනාව මරලා දානවා. ඒකට හේතුවක් තිබ්බා පුතේ.. ඔයාගේ අවංක හිනාව මං වළලන්න හදන ඒ අතීතය මට ආයේ ආයේ මතක් කරලා දෙනවා... "

" අ..තීතේ .... ??? "

" අපි ඒ ගැන කතා නොකර ඉමු. ඔයාගේ ඔම්මගේ අන්තිම බලාපොරොත්තුව වත් මට ඉෂ්ට කරන්න දෙන්න පුතේ.. මේ මැරේජ් එකට කැමති වෙන්න පුතේ.... "

නිසලව ගලාගිය ගංගාවකට අවාරයේ ඇද හැලුණු වර්ෂාව පැහැදිලි දිය පොදට අපැහැදිලි බොර පාටක් එක් කරා. ආදරේ උතුරා ගියපු හදවත් දෙකක් ආදරේ වෙනුවෙන්ම කඩා වැටෙන්න ගත්තා . එක හදවතක් තමන්ගේ හදවත නතර වුණු පලවෙනි තැන ඉල්ලලා අඩද්දී තව හදවතක් බලාපොරොත්තුව, ආදරය කියන වචන අතර හිරවෙලා අස්වැසිල්ලක් හොයනවා. තමන් කරන්නේ හරි දේ ද නොදැන ජීවිතේ එක පාරක් ටේහියුන් අප්පගේ උනුහුමට ලෝභ වෙන්න තීරණය කරා . පොඩි කාලේ ඉදන් නොදැනුනු තමන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලපු අප්පගේ උනුහුම අද ඔහුට ලැබුණා . අප්පට තුරුලු වුණු ටේහියුන් එක උරක් මත තම නිකට තබාගෙන දැනෙන වේදනාවන් කදුළු කරා. ඒත් මේ හැමදේම දිහා බලාගෙන වෙඩි වැදුණු හදවතක් වෙව්ලන අත් වලින් මිරිකගනිමින් අඩන ඇස් දෙකක හිමිකරු පඩිපෙළේ එක පඩියක ගුලිවෙලා හරි ලස්සනට කදුළු අතරින් හිනා වෙනවා. ඒ කදුළු එක්ක හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන ටේහියුන් වගේම තවත් ඇස් දෙකක් ඉකි ගහන්න ගත්තා . ඒත් ඒ හිනාවේ තිබ්බෙම අවංක ආදරය වෙනුවෙන් කරන පරිත්‍යාගයක පද වැලක්. ජන්ග්කුක්ගෙ ඇස් වලින් කියන වචන පවා තේරුම් ගන්න පුලුවන් තරම් ටේහියුන් ජන්ග්කුක්ට ආදරේ කරා. ඒ නිසාම ඒ හිනාව හරි නුපුරුදුයි කියලා ටේහියුන්ගෙ හදවත කෑ ගහලා විලාප දෙන්න ගත්තා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now