Chapter 06

1K 219 32
                                    

At kim's home ,

ට්‍රීං ට්‍රීං ... ට්‍රීං ට්‍රීං ... ..

 
  ආත්මීය මිතුදමේ උණුසුම දෙදෙනාම විදින මොහොතක ගෙදර බෙල් එක නාද වුනේ ඒ කදුළු වේලලා දාන්න අලුත් මාතෘකාවක් එක්කරමින් .
බෙල් එකේ හඩ නිසා කදුළු පිහදාගෙන ඉක්මනට දොර ලගට ගිය ටේහියුන් වගේම ජිමින් දොර අරිනවත් එක්කම පුදුම උනේ එක මොහොතකට හදවත නතර වුනාද කියලා දැනිච්ච අවිශ්වාසයෙන් .

" ජිමින් .. කොහොමද පුතා ? "

" හොදින් ඉන්නව අංකල්.
අංකල් කවද්ද කොරියා ආවෙ.. ? "

" මං අද පාන්දර ෆ්ලයිට් එකේ පුතා ආවෙ. ඇවිල්ලා එහෙමම ගියා කම්පැනි එකට ලොකු පුතාව හම්බෙන්න .. "

මිස්ටර් කිම් ජිමින්ගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් ලිවින් රූම් එකේ තිබුණු ලොකු සෝෆා එකෙන් ඉදගත්තා.

අවුරුදු දහයකටත් වැඩි කාලයක් නොදැකපු , තමන් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන , ඒත්.. තමන්ට මේ ලෝකෙ වැඩිපුරම වෛර කරන එයාගෙ අප්පා දිහා බලාගෙන ටේහියුන් තාමත් දොර ලග නැවතුනු ගමන් එහෙමම හිටියා . ජිමින් කොච්චර නම් ඇස් අගින් ඉගි කරත් ' ලගට ඇවිත් අප්පට කතා කරන්න ' කියලා ටේ ට ඒ දේට ශක්තියක් තිබ්බෙ නෑ .. එයා අසරණයි . එයා උත්සහ කරා..  ඒත් තමන්ගේ ම තාත්තා ට ' අ.ප්.පා. ' කියලා කියාගන්න බැරි තරම් ඒ පිරුණු තොල් අසරණ වෙලා .
වෙන වෙලාවක නම් තමන් ගැන ලොකු කතා කියන ගමන් තොරතෝන්චියක් නැතුව කියවන ටේ අද වචනයක අකුරු තුනක් එක්ක ලොකු සටනක් කරනවා.

අවුරුදු විසි දෙකකට පෙර ඒ අදුරු අතීතයේ මවාගත් ඡායාවන්ගෙන් ටේහියුන්ගෙ මනස, හදවත , වචන විතරක් නෙමෙයි මුළු ඇගම තව තවත් එයාටම රිද්දන්න සමත්වෙලා.

" උඹ මහා කාලකණ්නියෙක් "

" උඹ මගෙ දරුවෙක් නෙමෙයි "

" මට ඉන්නෙ එක පුතයි. මට උබව ඕනි වුනෙ නෑ . "

ඒ වචන ටේහියුන් ගෙ හදවතට පිහි පාරවල් වගේ දැනෙද්දී අදටත් ඒ අදුරු අතීතය හමුවෙ ටේහියුන් කියන්නෙ තාම අත දරුවෙක් .
.
.
.
.
.
.
.
.
.
.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now