Chapter 07

961 213 17
                                    


....................

" මට බෑ "

....................

" මට බෑ "

....................

" මට බෑ "

....................

" මට බෑ "

" හරි ඕන්නෑ.. මොකුත් කරන්න එපා .
හැබැයි මේ දවස් දෙකටවත් යුන්ගිව මෙහෙ ගෙන්න ගන්න එපා ප්ලීස්  "

" බෑ බෑ බෑ .. මට බෑ .."

" බෑ නේද .. ආං තියනවා දොර .
තමුන්ටත් මේ දවස් දෙකෙ යුන්ගිත් එක්ක එහෙ ඉන්න පුලුවන් .. "

  ජින් එයාගෙ අතේ දබරගිල්ලෙන් දොර පෙන්වමින් ජන්ග්කුක්ට තරවටු කරන්න ගත්තෙ හිතේ ඇතිවෙච්ච කේන්තිය නිසාවෙන් .
උදේ ඉදන් මේ වෙනකං කියපු හැම වැඩේටම වචන දෙකකින් පිලිතුරු දීලා ඒ හැම වැඩක්ම මග ඇරපු ජන්ග්කුක් , ජින්ගෙ දබරගිල්ල හා දොර දෙස මාරුවෙන් මාරුවට බලමින් ලොකු කල්පනාවක වැටුනා. තමාගෙන් හදිසියේ පිටවූ වචන ජන්ග්කුක්ගෙ හිත රිද්දන්න සමත්වූවා දෝ යැයි හැගුණු දෙගිඩියාව නිසාම තම දබරගිල්ල කෙමෙන් කෙමෙන් හකුලමින් ජන්ග්කුක් දෙස බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය කුමක්ද වටහා ගැනීමටයි.

  එය එතරම් හොද ප්‍රතිචාරයක් නොවුණු වග ජින්ට වැටහුණේ තම නෙත් අග වැටෙන්න ඔන්න මෙන්න තියන කදුළු බිදුවක් පාලනයට මෙන් යටිතොල තදින් හපාගනිමින් තම ඉකි ගැසුම් සගවා ගැනීමට දරන දැඩි උත්සහයක යෙදෙන තම සහෝදරයාගෙ හැසිරීම නිසා . ජන්ග්කුක්ගෙ දෑස් ජින්ගෙ දෑස් සමග ගැටෙන මොහොතේදීම තම පාලනයෙන් ගිලිහුනු කදුළු බිදු ඔහේ කම්මුල් දිගේ ගලන් යන්න පටන් ගත්තෙ තම සහෝදරයාගෙ ද දෑසට අලුත් කදුළු බිදු එක්කරමින් .

" අනේ කුකී.. මට සමාවෙන්න.
මං..  මං ඒක හිතලා කිව්වෙ නෑ ."

" ඉහි.. ඉහි..
හියුන්ග්.. ගී..ඊ.. "

"හරි ඉතින් අඩන්න එපා . ඔයා කොහෙවත් යන්න ඕනි නෑ .
අපි යුන්ගිවත් හෙට උදේට ගෙන්න ගමු හරිනේ.. "

.
.
.
.
.
.
.
.

  වෙලාව රාත්‍රි හතට කිට්ටුව තිබ්බත් ගෙදරට එන අමුත්තා තාම ආවෙ නැති නිසා කලබල වෙලා හිටපු ජින් තම ෆෝන් එක අතට ගත්තෙ නම්ජූන්ට කතා කරන්න හිතාගෙන . ඒත් ඒ එක්කම ගෙදරට පැමිණි මෝටර් රථයක හඩ නිසා ජින් ඉක්මන් කරේ ඒ කවුද වග දැනගන්න .

"STAY with ME"|| taekook ( ✔️ )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα