Chapter 25

825 196 100
                                    


  තප්පරෙන් තප්පරේ ගෙවී යද්දී ටේහියුන් ජන්ග්කුක් දෙස වේදනාවෙනුත් ජන්ග්කුක් ටේහියුන් දෙස පුදුමයෙනුත් බලන් හිටියේ යුන්ගිගෙත් ජිමින්ගෙත් අවධානය ඔවුන් වෙත ලබා ගනිමින්මයි. ජන්ග්කුක් ටේහියුන්ගෙ මේ සැගවුණු ක්‍රියාව තවදුරටත් රහසක් නොවූයේ ජිමින් වගේම යුන්ගිත් මේ දේ හොදින්ම දැක්ක නිසා . පාලනයකින් තොරව එළියට පනින්න යන ජිමින්ගෙ හිනාව දැක්ක යුන්ගි මේසේ යටින්ම ජිමින්ගෙ කකුලට පහරක් එල්ල කරේ තමාව පාලනය කරගන්නට යැයි අගවමින්. මේ දේ මෙහෙම වෙද්දී රෝස්ගේ අවධානය තාමත් තිබ්බේ තමන්ගේ රිදුම් දෙන කකුල මත. ඒ නිසා එයා ජන්ග්කුක් දිහාවත් ටේහියුන් දිහාවත් වැඩිය අවධානයෙන් බැලුවේ නෑ . නමුත් යුන්ගිටයි ජිමින්ටයි වැඩේ තේරීගෙන එද්දී රෝස්ගේ අවධානය ටේහියුන් ජන්ග්කුක් වෙත එල්ල වෙන්න කලින්ම ජිමින් බිම බලාගෙන උගුර පාදන්න ගත්තේ ටේහියුන් වගේම ජන්ග්කුක්ටත් නිවැරදි සිහිය ලබාදෙමින් .

" අහම්.. අහම්.. "

ජිමින්ට පිං සිද්ධ වෙන්න පියවි සිහියට ආපු ටේහියුන් ජන්ග්කුක්ගෙ අත උඩින් තියන තම අත අරන් ටිකක් කෙලින් වුණේ පෙරට වඩා වේදනාව අඩුයි වගේ තේරුණ නිසා . ඒත් ජන්ග්කුක් තාමත් හිටියා වගේමයි. ජන්ග්කුක්ගෙ රතු වුණු මූණ , ලොකු වුණු ඇස් , භාගෙට ඇරුණු කට එයා තාමත් ඉන්නේ වෙච්ච දේ හිතාගන්න බැරුව කියලා ටේහියුන්ට හොදටම තේරුණා. ඒ නිසාම ඉබේටම වගේ ටේහියුන්ගෙ මූණට ජන්ග්කුක් නිසා හිනාවක් එද්දී එයාගෙ ඇස් ගියේ තාමත් තම සාමාජිකයා මත තියන ජන්ග්කුක්ගෙ අතට .

මේ අතර රෝස් ටේහියුන් දිහා බල බල ඔරවන්න ගත්තේ ඔහුගේ අවධානය ජන්ග්කුක් ගාව තිබ්බ නිසා . තමන් කොච්චර ටේහියුන්ගෙන් උදව් ඉල්ලුවත් ටේහියුන්ට ඒ කිසි දෙයක් අහගෙන ඉන්න තරම් අවධානයක් තිබ්බේ නෑ . නමුත් මේ හැමදේම දිහා යුන්ගි ජිමින් දෙන්නා හිනාවෙවී බලන් හිටියා . ජිමින්ට ටේහියුන්ගෙ වෙනසට හේතුව එන්න එන්න තේරුම් යද්දී යුන්ගි ජන්ග්කුක්ට මේ මොකද වෙලා තියෙන්නෙ කියලා කල්පනා කරා.

" ටේ... අනේ.. ආව්ව්.. මට රිදෙනවා .. මොනාහරි කරන්නකෝ.. "

තම තමන්ගේ ලෝක වල හීන දැක්ක සිව්දෙනාම රෝස්ගේ හඩ නිසා ගැස්සිලා ඒ දිහා බැලුවා. ටේහියුන්ට දැනුයි මතක් වුණේ රෝස් එයාගෙන් උදව් ඉල්ලව්වා නේද කියලා . ඒ එක්කම ආයේ නැගිටින්න හැදුවත් එතනදිත් තමන් අසරණ වුණේ තමන් දැන් නැගිට්ටොත් තමන්ගේ සාමාජිකයා මත තියන් ඉන්න ජන්ග්කුක්ගෙ අත අනිවාර්යයෙන්ම රෝස් දකින නිසා . ඒ නිසා හැමදේකටම කලින් ටේහියුන් හැරුණේ ජන්ග්කුක් දිහාවට .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now