Chapter 32

765 163 44
                                    

දින සති ඔහේ ගෙවිලා ගියා. ඒ හැම දවසක්ම ජන්ග්කුක්ටත් ටේහියුන්ටත් ආදරේ පිරුණු මතක එකතු කරා. ඔය අතරේ දවසක් වුණු කතාබහක් නිසා ටේහියුන් ජන්ග්කුක්ගෙ වැරදි වැටහීම් හැම එකක්ම නිවැරදි කරා. දෙන්නා මේ කාලේ ඇතුලත ඔවුනොවුන්ට සම්පූර්ණයෙන්ම විවෘත වුණා . ඔය අතර නොදැනීම මාසයක් ගෙවිලා ගිහින් අලුත් මාසයක් ආරම්භ වුණේ ටේහියුන්ව කම්පැනි එකේ වැඩ වලට හිරකරගනිමින්. ඒකට ප්‍රධානම හේතුව වුණේ නම්ජූන්ගේ බිස්නස් ට්‍රිප් එක. එක්තරා විදියක ට්‍රිප් එකක් වුනත් මේකත් බිස්නස් වලට සම්බන්ධ දෙයක් වුණා . සිඩ්නි වල ප්‍රසිද්ධ කම්පැනි එකක් එක්ක පවත්තන මේ කම්ෆරන්ස් එක දෙකකට සීමා වුණේ ඉතුරු දවස් පහම නම්ජූන්ව නිදහස් කරමින් . මේ ගමන වෙනුවෙන් නම්ජූන් සතියක් වෙන් කරගත්තේ ඉතිරි දවස් පහ ජින් එක්ක සිඩ්නි වල නිදහසේ ඇවිදින්න යන්න හිතාගෙන .

වෙනදා වගේම කම්පැනි එකේ වැඩ ටික ඉවර කරලා හතට විතර ටේහියුන්ගේත් නම්ජූන්ගේත් විශාල මන්දිරය ඉස්සරහා නවත්තපු කාර් එකෙන් එළියට බැස්ස නම්ජූන් එතන සිටි සේවකයෙක්ට තම අත රැදි ෆයිල් එක දීලා ඩ්‍රයිවින් සීට් එක ලග ශටර් එක ගාවට ගිහින් නැමුණේ යමක් පැවසීමේ බලාපොරොත්තුවෙන් .

" වෙලාව 7:10 යි. හෙට පාන්දර 4:30 වෙද්දී ෆ්ලයිට් එක. එයාලවත් අරන් ආපහු ඉක්මනට එන්න ටේ. ගොඩාක් පරක්කු වෙන්න එපා හොදද ? "

" හරි හරි හියුන්ග් .. ඔයා වොශ් දාන් රෙඩි වෙන්නකෝ. හෙට උදේම යන්නත් එපැයි. "

ටේහියුන් දැන් කම්පැනි එකේ වැඩට යන නිසා දෙන්නම ගියේ එකම කාර් එකේ . ඔෆිස් කිට් එක පිටින්ම ශටර් එක ලග ඉදන් තම ඇදුම් ලිහිල් කරමින් කතා කරන නම්ජූන්ට පැවසූ ටේහියුන් කාර් එක හරවගෙන නැවතත් ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කරා. මේ ගමන ගැන නම්ජූන් මුලින්ම ටේහියුන්ට කියන කොට ටේහියුන්ගෙන් ඒ තරම් හොද ප්‍රතිචාරයක් නොලැබුණේ නම්ජූන් යන සතියට කම්පැනි එකේ බර තමන්ට තනියම දරන්න වෙන නිසා . ඒත් ජින්වත් මේ ගමනට එක්කන් යන්න හිතන් ඉන්නේ කියලා ඇහුණු ගමන් ටේහියුන්ගෙ මනස එකේක විකාර සිතුවිලි වලින් පිරෙන්න පටන් ගත්තේ තමන්ගේ මූණටත් අලුත් දීප්තියක් එක් කරමින්.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now