Chapter 09

921 201 38
                                    


Tae's pov

ඊයේ රෑට කාපු ගමන් දන්නෙම නැතුව නින්ද ගිය නිසා මං අද උදේ ටිකක් වේලාසන නැගිට්ටා. ඊලගට වොශ් එකක් දාගෙන එහෙම මං ලැහැස්ති වුනේ ජින් හියුන්ග්ට උදව් කරන්න යන්න හිතාගෙන. ඒත් මට මං ගැනම පුදුම හිතුනේ මං ගෙදරදී මෙහෙම හැසිරෙන කෙනෙක් නොවුණු නිසා .

ඇත්තටම මට ජින් හියුන්ග්ට උදව් කරන්න ඕනිද.. ?
නැත්තම් ඒකට වෙන හේතුවක් තියනවද.. ?

මගේ හිත මගෙන් ප්‍රශ්න කරන අතරෙම මං ගියේ කාමරේ දොර ලගට පහලට යන්න හිතාගෙන . මං දොර අරිනවත් එක්කම මං එතනම ගල් ගැහුණේ මට ඉස්සරහින් හිටපු කෙනත් පුදුමයෙන් වගේම ලැජ්ජාවෙන් මං දිහා බලාගෙන ඉද්දී.

" ජන්..ග්..කුක්.. "

මං පුදුමයෙන් වගේ ඇහුවෙ තාමත් එතන ලැජ්ජාවෙන් බිම බලන් හිටපු ජන්ග්කුක්ගෙන්.
මොකද මං මේ වෙලාවෙ මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේම නෑ . මට හිතුනෙම ජන්ග්කුක් මං ගැන හොරගල් අහුලනවා කියලා . ඒත් ඒ මොකටද ?

" ටේ.. හියුන්ග් .. "

ලැජ්ජාවෙන් පිරිලා තිබ්බ ඒ මූණට ලාවට හිනාවක් එක් කරගෙන එයා මගෙ නම මිමිණුවා.
එයා කොච්චර හුරතල් ද.. මට හිතෙන්නෙම මගෙ ඉස්සරහා හා පැටියෙක් ඉන්නවා වගේ. ඒ හිනාව අස්සෙන් ලාවට පේන ඒ හා දත් දෙක, ජිල් බෝල වගේ දිලිසෙන ඇස් දෙක, මේ වෙනකොට හොදටම ලේ පිරිලා රතු පාට වෙලා තියන ඒ කම්මුල් දෙක, ඒ හා පැටියගේ ලස්සන තවත් වැඩිකරනවා වගේ මට හිතුණා.
ජන්ග්කුක්ගෙ මූණේ හැම කොනක්ම වගේ පරීක්ෂා කරපු මං නැවතුණේ යටිතොල තදින් හපාගෙන එකට තද කරගෙන ඉන්න ඒ ලා රෝස පාට තොල් දෙක ලග. මං ඒ තොල් දෙක හිතින් පාට කරන ගමන් ඉද්දී එයා ඒ තොල් උඩ එයාගෙ දිව සීරුවට අරන් ගියේ මාව පිස්සු වට්ටලා. මටත් ලාවට ලැජ්ජාවක් දැනීගෙන එද්දී ඒ තොල් වලින් ඈත් වෙලා බෝල ඇස් දෙක දිහා බැලුවත් එයා තාමත් හිටියේ බිම බලාගෙන තදින් යටිතොල හපන ගමන් .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now