Chapter 28

818 184 44
                                    


  විනාඩි විස්සකට විතර පසුව වාහන දෙකම ගෙදර ඉස්සරහා ගේට් එක ලග නතර වෙද්දී ඔවුන් සියලු දෙනාම බලන් හිටියේ ගෙදර මිදුලේ නවත්තලා තියන කලු පැහැති මෝටර් රථය දිහා . මෝටර් රථය දුටු විගස සියල්ලෝම එහි අයිතිකරු හදුනාගත්තත් ඔවුන්ගේ ඊලග ප්‍රශ්නය වුණේ ඔහු කොහිද වගයි.

ජින් ඇතුළු පිරිස මෙහි ලගාවීමට විනාඩි පහලවකටත් ප්‍රථම ආපු නම්ජූන්ට ඔවුන් වෙනුවෙන් මග බලා සිටීම නිසා එහෙමම නින්ද ගිහින් තිබුණේ ගෙදර දොර අසලයි. දොරට ඔලුව තියාගෙන නින්දෙන්ම මදුරුවෝ තලන කිම් කම්පැනි එකේ CEO දිහා අනික් පිරිස හිනාවෙවී බලන් හිටියා . ඒත් ජන්ග්කුක්ගෙ හඩින් මීට ටිකකට පෙර ඇහැරුණු ටේහියුන් නම් මේ දර්ශනේට ඒ තරම් හිනාවුණේ නෑ .

" යාආආ ..... මූ නම් මගේ සහෝදරයා වෙන්න බෑ . අපේ පරම්පරාවටම මේක වස ලැජ්ජාවක් . නිදාගන්න ඕනි නම් නම්බුව තියාගෙන වාහනේ ඇතුලේ නිදාගන්න තිබ්බනේ. ශික් .... වස ලැජ්ජාව... "

ටේහියුන් කටත් දෙක කර කර නම්ජූන් ඉන්න විදිය දිහා බලාගෙන හිමින් කුටු කුටු ගෑවත් තවත් කෙනෙක් මේ කියපු ඔක්කොම දේවල් අහගෙන තනියෙන් හිනා වෙන්න ගත්තේ මේ අයියයි මල්ලී ගැන හිතන ගමන්මයි .

" මට දැන්නම් සීයට සීයක්ම ශුවර් මේ ඉන්නේ ඔයාගෙම හියුන්ග් තමයි...
මොකද මිස්ටර් කොටී, ඔයත් දැන් ටිකකට කලින් මගේ කර උඩට වෙලා ඔය ටිකම නේද කරේ ආ.... ? "

ජන්ග්කුක්ගෙ වචන වලට නම් ටේහියුන් ලැජ්ජාවෙන්ම රතු වුණා . තමන්ගේ දිවත් හපාගත් ටේහියුන් ජන්ග්කුක් දිහා බලාගෙන දත් තිස් දෙකම දාලා හිනාවුණා . ඔය අතරේ ජින් නම්ජූන්වත් ඇහැරවගෙන ගෙදර ඇතුලට ගියේ හැමෝටම ඇතුලට අඩගහන ගමන්මයි .

" එහෙනම් කට්ටියම වොශ් එකක් දාන් එන්න. මං කන්න මොනාහරි හදන්නම්."

කට්ටියම වොශ් දාන්න යන්න හැරුණත් ටේහියුන් ජිමින් දෙන්නා තමා දිහාත් ඔවුන්ගේ මූණු දිහාත් මාරුවෙන් මාරුවට බැලුවේ දෙන්නටම එකම වෙලාවේ එකම ප්‍රශ්නේ ඇතිවුණ නිසා .

" උබ අහපන් "

" චී... චීචී... මට ලැජ්ජයි උබ අහපන් "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now