Chapter 36

771 148 49
                                    


  ලාවට වැදෙන හුලං පාරට එහාට මෙහාට පැද්දෙන කර්ට්න් එක අතරින් කාමරේට එබිකම් කරන ඉර එළිය නිසා ටේහියුන් අඩ නින්දේදීම ඇස් ඇරියා. වැටෙන ආලෝකයට ඇස් හුරුකරන්නට මෙන් තනි අතකින් ඇස් දෙක පොඩි කරපු ටේහියුන් තාමත් තමන්ගේ උනුහුමට ගුලිවෙලා සැපට නිදාගෙන ඉන්න එයාගෙ හා පැටියා දිහා බැලුවේ ඊයේ රෑ වුණු හැම දේ ගැනම ආඩම්බරයෙන් මතක් කරමින් . ඊයේ රෑ තිබ්බ වැස්ස නිසා තාමත් හමා එන සීතල සුලග ඔවුන්ගේ නිරුවත් ශරීර ස්පර්ශ කරමින් ඔහේ ගලාගෙන ගියා. ජන්ග්කුක්ගෙ නළලට කිස් එකක් දීපු ටේහියුන් තමා වෙනුවට කොට්ටයක් ජන්ග්කුක් ලගට දීලා සද්ද නොකරම වොශ් රූම් එකට ගිහින් ඉතුරු වැඩ ටික කරගත්තා.

ටේහියුන් පහලට ගිහින් ජන්ග්කුක්ටයි එයාටයි බ්‍රෙක්ෆස්ට් එකට කන්න දෙයක් ගැන කල්පනා කරද්දී එයාට අහම්බෙන් වගේ නෙත ගැටුණේ ජන්ග්කුක් ඊයේ රෑ අඩ අඩ හදපු සීතල වෙච්ච කෑම ටික. කෑම එක දිහා බලාගෙන තමන්ගේ වීරක්‍රියා වලට හිනාවුණු ටේහියුන් දන්න විදියට සැන්විච් හදන්න ගත්තා .

මේ අතර ටේහියුන් කියලා හිතාගෙන කොට්ටෙකට කිස් කර කර බදාගෙන නිදාගෙන හිටපු ජන්ග්කුක් හෙමින් හෙමින් ඇස් ඇරලා හරි ආදරණීය විදියට ටේහියුන් දිහා බලලා හිනාවුණා . නමුත් ඒ ආදරණීය හිනාව යක්ෂාරූඪ තරහකට හැරෙන්න ගියේ තප්පර ගාණයි. ටේහියුන් වෙනුවට මෙච්චර වෙලා තමන්ට උනුහුම දුන්නේ කොට්ටේ කියලා තේරුණු ගමන් ජන්ග්කුක් දෙවරක් නොහිතාම කොට්ටේ ගුවන් ගත කරා. ඇද ගාවින් ගමන් ආරම්භ කරපු කොට්ටේ ගමනාන්තය විදියට මල් වාස් එකත් බිදගෙන පොලවට ලෑන්ඩ් කරා. ජන්ග්කුක්ට සැන්විච් , කිම්චි එක්ක බනානා මිල්ක්ෂේක් එකක් ට්‍රේ එකක දාගෙන පඩිපෙළ නැගපු ටේහියුන්ට මල් වාස් එක බිදෙන සද්දේ එක්ක හුසෙන් බෝල් ආවේශ වෙලා බයටම කාමරේට දුවගෙන ආවා.

" හුවෑ.. ඉහි.. ඉහි.. මේ මිනිහා මට බොරු කරා. මට කොට්ටයක් දීලා මේ කැලෑ කොටියා කැලෑවට රිංගලා ... ඉහි ඉහි.. මගේ නිකලැල් කුළුදුල් තරුණ ජීවිතේ මේ කොටියා කැළැල් කරා. "

උදේ පාන්දර රණ්ඩු වෙන්න හේතුවක් හොයාගත්තු ජන්ග්කුක් අහල පහල මිනිස්සුන්ටත් ඇහෙන තරම් සද්දෙන් බොරුවට කන් කෙදිරි ගාන්න ගත්තා . ටේහියුන් නම් ඇද ලගටම වෙලා මේ මොනවාද මේ වෙලා තියෙන්නෙ කියලා කල්පනා කරනවා. ඔය අතර එක අතකට ට්‍රේ එක බැලන්ස් කරන් අනික් අතින් වුණු දේ හිතාගන්න බැරුව ඔලුව කස කස හිටපු ටේහියුන්ව දැක්ක ජන්ග්කුක් ටේහියුන්ගෙ කොලර් එකෙන් අල්ලගෙනම බෙරිහන් දෙන්න ගත්තා . ජන්ග්කුක්ගෙ සිහිය කොච්චර ද කියනවනම් එයාට මතක නෑ එයා තාමත් ඉන්නේ ඇගේ නූල් පොටක්වත් නැතුව නේද කියලා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now