Chapter 29

796 179 91
                                    


Tae's pov

මෙච්චර කාලයක් මුළු ලෝකෙන්ම වසන් කරගෙන තේරුමක් හොයන්නට මහන්සි වුණු මගේ හැගීම් අද මං එයා ඉස්සරහා වචන කරනවා. අනාගතය , හෙට දවස , ඉදිරි ගෙවන ඒ මොහොත මොන විදියට වෙනස් වුනත් තවත් මට මේ හැගීම් වලට වහල්ලෙක් වෙලා ජීවත් වෙන්න බෑ . හැමෝම දකින විදියට ආදරය කියන්නේ හරි ලස්සන හැගීමක් . ඒ හැගීමට ඉඩෝරයකට අහුවුණු හදවත් වලට පවා මහා වරුසාවක් වෙන්න පුලුවන් ලූ. ඔව් ඒක එහෙම වෙන්න ඇති. මගේ ඉරි තැලිලා වේලිලා පිච්චිලා ගිය හදවතට ජන්ග්කුක් කියන්නේ අවාරයේ ඇද හැලුණු මොර සූරන වරුසාවක් . ආදරය කියන්නෙ මේකටද කියලා නොදැන වුනත් ජන්ග්කුක් මගේ ලගින් ඉන්න හැම මොහොතකම මගේ හදවත පිරිලා යන්නේ හරියට අර ඈත පේන හද වගේ. අදුරු අහසේ අන්ධකාරය මකන්න තරු කොච්චර පෑව්වත් ඒ අහසට ඕනි පායන එක හදක් විතරයි . හරියට මට ඕනි මගේ ජන්ග්කුක් විතරයි වගේ. ගෙවෙන ඊලග තප්පරය තුල මොන දේ වුනත් මේ හදවත ගැහෙන අන්තිම තප්පරය වෙනකම්ම මං ඔයා වෙනුවෙන් හුස්ම ගනී ජන්ග්කුක් .

pov end

  ජනෙල් කවුළු අතරින් රහස් කියන චන්ද්‍රයා දෙස බලා සිනාසෙන ජන්ග්කුක්ව තමන්ගේ උනුහුමට තව තවත් මැදි කරගත් ටේහියුන් හුලග නිසා මුහුණට වැටී පැද්දෙන ජන්ග්කුක්ගෙ කෙස් රොද ඔහුගේ කන පිටුපස සගවමින් ඒ සිනිදු නළල මත ආදරණීය තෙත හාදුවකින් පුරවව්වා. එක අතක් තවමත් ජන්ග්කුක්ගෙ ඉන වටා එතී තිබියදී අනෙක් අත ජන්ග්කුක්ගෙ හිසකෙස් අතර රදවමින් ඒ මත මෘදුව ස්පර්ශ කරන්න ගත්තේ තම දිලිසෙන ඇස් ජන්ග්කුක්ගෙ තරු පිරුණු ඇස් හා දවට ගනිමින්මයි . විනාඩි කිහිපයක් මුළු කාමරයම නිහැඩියාවෙන් පිරී යද්දී ඔවුන් ඔවුන්ගේ උනුහුමට තව තවත් ගුලි වෙමින් පෑයූ සද දෙස බලමින් ඔවුන්ගේ ආදරයට සාක්ෂි එක්රැස් කරා.

නිහඩ කාමරේ පුරාම හැම අස්සක් මුල්ලක් නෑරම හදේ ආලෝකයෙන් දීප්තිමත් වෙද්දී තම අත් අතර ගුලි වී සිටි ජන්ග්කුක්ව මුළු මනින්ම තමා දෙසට හරවගත් ටේහියුන් මොහොතක් ඒ හැගීම් පිරුණු මූණ දිහා උතුරායන ආදරයෙන් බලා සිටියා . ඒ හැගීම් වලට වටිනාකමක් දෙන්නට මෙන් ජන්ග්කුක්ගෙ හිස, නළල , කන් පෙත්ත, ඇස්, නහයේ මුදුන් පෙදෙස , ලේ පිරිලා රතුවුණු කම්මුල් වල තෙත හාදු තවරමින් නැවතත් ලංවුණේ වින්දනීය කෙදිරිලි නිසා හිමි හිමින් හෙලවෙන ඒ හීනි තොල් ලග. ටේහියුන්ගෙ ඇස් මත්තේ අතරමං වී සිටි ජන්ග්කුක් පවා දැනන් හිටියා ටේහියුන්ගෙ ඊලග වින්දනීය ස්පර්ශය ගැන . තමන්ගේ සිතුවිල්ලේ අවසානය දකින්නට මත්තෙන්ම ජන්ග්කුක්ගෙ තොල් ටේහියුන්ගෙ තොල් අතර හිරවුණේ දෙදෙනා තුලම ආදරය මුසු කාමී නැවුම් හැගුම් අවුස්සමින් . නමුත් මෙය එතරම් දිගු හාදුවක් නොවුණේ ටේහියුන් ඉක්මනින් හාදුව නතර කරමින් ජන්ග්කුක්ව තවත් තමන්ගේ තුරුලට මැදි කරගත් නිසා . තවදුරටත් ඔවුන් අතර මැනීමට තරමේ සීමාවක් නොවුණේ මේ වෙද්දිත් ඔවුන්ගේ සිරුරු දෙදෙනා හා තදින් ස්පර්ශ වී තිබූ නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin