chapter 14

891 195 14
                                    

  පෙරදින රාත්‍රියේ නම්ජූන් නින්දට වැටුනේ අලුත් ටේහියුන් කෙනෙක් බලාපොරොත්තුවෙන් . ඔව් ටේහියුන් වෙනස් වෙලා . හැබැයි ඒ වෙනසේ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තිබ්බා. මොකද කලින් ටේහියුන් කිසිම දෙයක් ගනන් ගත්තෙ නැති වැරදිලාවත් උදව්වක් කරන්නැති කෙනෙක් හින්දා ටේහියුන් නිසා ගෙදර සද්ද බද්ද ඇතිවුණේ හරිම කලාතුරකින් .
ඒත් අලුත් ටේහියුන් ඊට වඩා වෙනස් වුණා.

Namjoon pov

  වෙනදාට එලාම් එකට ඇහැරෙන මම අද ඊටත් කලින් ඇහැරුණේ ගෙදර වටපිටාවෙන් බෝම්බ ගහනවා වගේ සද්ද ඇහෙද්දී. ඇත්තටම මං ඇහැරුනා නෙමෙයි මාව ඇහැරුවා. මං එහෙම්මම නයිට් කිට් එක පිටින්ම පහලට ගියේ මේ ඉවරයක් නැති සද්ද මොනවාද කියලා බලන්න .
මං පඩිපෙළ බැහැලා යද්දී මට ඇහුණේ ඒ හැම සද්දයක්ම එන්නේ කිචන් එක පැත්තේ ඉදන් කියලා . මං සැකේට ටෑන්ගේ කූඩුව බැලුවේ මේකා ඉන්නවද බලන්න . මං හිතුවා හරි ටෑන් හිටියේ නෑ . අද නම් මුට නෙලනවාමයි කියන දැඩි අදිටනින් මං ගියේ මොකද මට ටෑන් එක්ක දවස් ගාණක ඇරියස් කවර් කරගන්න තිබ්බ නිසා.

ඒ වෙලාවේ අත ගාලා අත ගාලා හොයාගත්ත මල් වාස් එකත් අතේ තියාගෙන හිමීට අඩි තියලා මං කිචන් එකට ගියා. මං ඒකට ගියාම දැක්කේ පහල තියන පැන්ට්‍රි කබඩ් එකක් ඇරිලා තියනවා.

' හරි මගේ ඉලක්කය පැහැදිලියි ' මං එහෙම මටම මුමුණ ගෙන වාස් එක උස්සලා ටෑන්ගේ කොන්දට නෙලුවේ ඇස් පියාගෙනමයි.

" බුදුඅම්මෝඕඕඔ....... "

ගහනවත් එක්කම බල්ලෙක්ගේ හඩක් වෙනුවට මිනිහෙක්ගේ හඩක් ආවේ ඇයි කියලා මං කල්පනා කරනකොට දැක්කේ මං දිහා මූණත් රතු කරන් කන්න වගේ බලන් ඉන්න ටේ ව.

Pov end

ටෑන්ගේ කොන්දට කියලා ගහපු මල් පෝච්චිය වැදිලා තියෙන්නෙ ටේ ගේ උරහිසට . ලොකු තුවාලයක් පේන්න නැතත් ටේ නම් නම්ජූන්ට රවාගෙන උරහිස අතගානවා.

" ආව්ව්.. මගේ උරහිස නැද්ද කොහෙද .. මොන මගුලකටද ඕයි මේ උදේ පාන්දර මේ වගේ වැඩක් කරේ.. ආව්ව්.. "

ටේහියුන් වේදනාවෙන් වගේම තරහෙන් කෑගැහුවා. එතනට වෙලා වෙච්ච දෙයක් හිතාගන්න බැරුව හිටපු නම්ජූන් තමන්ගේ අහිංසක ඩිම්පල් හිනාව දාලා හිනා වුණා.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now