Chapter 21 🔞

1.1K 197 19
                                    


  ටේහියුන්ගෙ සමහර වැඩ වලට ජන්ග්කුක් කේන්ති ගත්තත් එයා ඊට වඩා රණ්ඩු වෙවී හෝ ටේහියුන් එක්ක ගෙවන තප්පරයකට පවා ආදරේ කරා. ජන්ග්කුක් ටේහියුන්ව මග අරින හැම මොහොතකම ජන්ග්කුක්ගෙ හිත ටේහියුන් ඉල්ලලා අඩන්න ගත්තා. එයා කොච්චර උත්සහ කරත් තමන්ගේ හිත පාලනය කරගන්න ඒ හැම උත්සහයක්ම අසාර්ථක වුණේ ජන්ග්කුක්ගෙ හිත ටේහියුන් කියන නමට පවා සංවේදී වෙන්න පටන් අරන් නිසා. ටේහියුන්ව පහු කරගෙන මීටර් ගාණක් ඈතට ගිහින් හිටියත් තාමත් හිතේ කොනක ගැහි ගැහී තියන අහිංසක බලාපොරොත්තුවට කන් දුන්න ජන්ග්කුක් වෙලාව ගැන නොතකාම තම මෝටර් බයිසිකලයේ ධාවන පථය වෙනස් කරමින් නැවත ටේහියුන් වෙත ධාවනය කරා.

හුලං කපාගෙන ඉදිරියට ඇදෙන මෝටර් බයිසිකලය ඉර එළියෙන් වැටෙන ආලෝකය නිසා එහි තැනින් තැන දිලිසෙන්න ගත්තේ ජන්ග්කුක්ගෙ ගතට මද වශයෙන් වැඩි වෙමින් පවතින අව් රශ්මිය ගැන මතක් කරමින්. විනාඩි පහක පමණ කාලයකින් ටේහියුන් තමන්ට අත දැමූ තැන පේන මානයට ආව ජන්ග්කුක් දැක්කේ පාරේ අයිනට වෙන්න නවත්තලා තිබ්බ ටේහියුන්ගෙ වාහනය තාමත් ඒ ලෙසින්ම එතන තිබෙන අයුරුයි. ඒත් ඒ එක්කම තමන් දෙසට වේගෙන් ධාවනය වෙමින් තිබ්බ ටැක්සි රථයක් විත් ටේහියුන්ගෙ නවතා තිබූ කාර් එකට මදක් පසුපසින් නතර කරේ ජන්ග්කුක්ගෙ අවධානය ඒ වෙතට ලබාදෙමින්. එයින් බැසි පුද්ගලයා හදුනාගත් ජන්ග්කුක් වේගයෙන් තමන්ගේ මෝටර් බයිසිකලය ඔහු වෙතට ධාවනය කරවා ඔහු යන මග නතර කරේ ඔහුගේ ගමනට බාධා කරමින් .

" ජන්ග්කුක් උඹ.. තාම යුනී එකට ගියේ නැද්ද ?.. "

ඒ පුද්ගලයා ඇහුවත් ජන්ග්කුක් හෙලුවේ නොරිස්සුම් සහගත බැල්මක්.

" උඹ මොකද මෙහෙ කරන්නේ. උබ බස් එකේනේ එනවා කිව්වේ.. "

යුන්ගි ඊයේ රෑ එවලා තිබ්බ මැසේජ් එකේ විදියට යුන්ගි අද යුනී එනවා කිව්වෙ බස් එකේ. සාමාන්‍යයෙන් පුස්තකාල පාරේ යන්න අවසර තිබ්බේ සැහැල්ලු වාහන වලට විතරයි . බස් වලට ලොරි වලට මේ පාරේ යන්න කිසිම අවසරයක් තිබ්බේ නෑ . මොකද ඒකෙන් වෙන්නේ මේ වීදියේ තියන නිහැඩියාව බිදී යන එක. ඒ නිසා ඒ වගේ වාහන ධාවනය වුණේ ප්‍රධාන මාර්ගයේ පමණයි.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now