Chapter 23

865 183 101
                                    

දීර්ඝ කතා බහකින් පසුව ජිමින් , ටේහියුන් දෙන්නම නැවත තම තමන්ගේ නිවෙස් වලට පැමිණියේ හවස ගමන පිළිබඳව බලාපොරොත්තුවෙන් . මුලින් ජිමින් මේ ගමන ගැන ටේහියුන් එක්ක වාද කරත් පස්සේ එයා කැමති වුණේ එයාටත් මේක යුන්ගිව මුණගැහෙන්න හොද අවස්ථාවක් නිසා. ඒත් දෙන්නගෙම ලොකුම ප්‍රශ්නය වුණේ රෝස් . ටේහියුන් ජන්ග්කුක් ගැන ජිමින් හරිහැටි නොදැන හිටියත් එයා එක දෙයක් නම් හොදටම දැනන් හිටියා . ඒ ඉස්සරහට රෝස් ටේහියුන්ගෙ ගමනේ ලොකුම කරදරයක් වේවි කියලා .

මේ අතර තව දෙන්නෙක් හිටියේ යුනී එකේ ලෙක්චර් හෝල් එකේ. ප්‍රොෆෙසර් ඇවිත් දැන් පැය එක හමාරක් තිස්සේ උගන්නනවට වඩා කරේ අනාගතේ ගැන දේශන දුන්න එක. තමන්ගේ අනාගතය තම පූජනීය නින්ද කරගත් යුන්ගි ලෙක්චර් හෝල් එකේ කොනකට වෙලා නිදාගෙන හීන දකිනවා. හැබැයි මේ වෙලාවේ යුන්ගි විතරක් නෙමෙයි හෝල් එකෙන් භාගයක්ම නිදි. අනික් භාගෙනුත් භාගෙකටත් වැඩි පිරිසක් අඩ නින්දේ නිදි කිරා වැටෙනවා. මේ අතරේ තව කෙනෙක් සයිලන්ට් කරලා තිබ්බ ෆෝන් එක අතට අරන් තමන්ගේ අනාගතේට පාර කපනවා.

Tiger bear

" ඔයා ගෙදර ගියාද ? මට අර කතාවේ ඉතුරු ටික කිව්වේ නෑනේ. අනේ කියන්නකෝ.. එදා යුන්ගි ගැන හියුන්ග්ලා කිව්ව කතාවේ තේරුම මොකක්ද ? "

ජන්ග්කුක් පුටුවේ ලාවට දිගා වෙලා ඩෙස්ක් එක අස්සේ අත් දෙක ගහන් හොරෙන් ටේහියුන්ට මැසේජ් කරන්න ගත්තා . ටේහියුන් ජන්ග්කුක් එවන හැම මැසේජ් එකක්ම සීන් කරත් එයා ඒවට රිප්ලයි කරන්න ගියේ නැත්තේ මොකද තාම වෙලාව උදේ 9:46 යි නිසා . ඒ කියන්නෙ ජන්ග්කුක් තාම ඉන්නේ ලෙක්චර් එකේ කියලා ටේහියුන් දැනන් හිටියා . ඒත් ජන්ග්කුක් දිගින් දිගටම එකම දේ අහලා මැසේජ් කරන්න ගත්ත නිසා ටේහියුන්ට කේන්ති ගියේ ජන්ග්කුක්ගෙ අවධානය ලෙක්චර් එකට නැතුව ෆෝන් එකට තිබ්බ නිසා . ඉවසලා ඉවසලා බැරිම තැන ටේහියුන් රිප්ලයි කරේ ජන්ග්කුක්ට ටිකක් තද විදියට .

Angel bunny

" කුකී.. හොද හිතින් ෆෝන් එක ඕෆ් කරලා ලෙක්චර් එකට අවධානේ දෙනවා. තව එක සැරයක් හරි මට මැසේජ් කරලා තිබ්බොත් මං ඔයත් එක්ක මාසයක් කතා කරන්නෑ. තව... එකොලහ වෙනකං ඔය ෆෝන් එක ඕෆ් වෙලයි තියෙන්න ඕනි. මං සැරින් සැරේ ඔයාට කෝල් ගන්නවා. ඒ වෙලාවට ඔය ෆෝන් එක රින්ග් වුනොත් මං ඔයා ගැන බලාගන්නම්. "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now