Chapter 16

842 194 33
                                    


  ජන්ග්කුක්ට දිගින් දිගටම මැසේජ් කරත් එයා ඕෆ්ලයින් ගිහින් කියලා තේරුණ නිසා ටේහියුන් මැසේජ් කරන එක නතර කරා. ටේහියුන්ගෙ හිත නම් මේ ගැන කල්පනා කරන එක නතර කරපු පාටක් පේන්න තිබ්බේ නෑ .

Tae's pov

කවුරු වෙන්න පුලුවන් ද ඒ මනුස්සයා ....
එයාට කොහොමද ජන්ග්කුක්ගෙ ෆොටෝ එකක් ලැබුණේ . ඒකත් ඔච්චර ලස්සන ෆොටෝ එකක් එයා මොකටද තියාගෙන ඉන්නේ.

බැරි වෙලාවත් එයා ජන්ග්කුක්ගෙ ...................

Oh nooo.. මොනවද මං මේ හිතන්නේ...
එයා ජන්ග්කුක්ගෙ යාලුවෙක් වෙන්න ඇති . යාලුවෙක් ලග ඔය වගේ ෆොටෝ එකක් තියන එක සාමාන්‍යයයි නේ.

ඒත් ... ජන්ග්කුක්ට තිබ්බා ඔයිට වඩා කැත ෆොටෝ එකක් දෙන්න. එයාටත් මේකම දෙන්න ඕනි වුණානේ.. ශිට්..

මට ඒ ෆොටෝ එක ඒ මිනිහගෙන් ඉල්ල ගන්නමයි හිතෙන්නේ .
නෑ නෑ එහෙම කරන්න බෑ . එහෙම වුනොත් අනිවාර්යයෙන් එයා ජන්ග්කුක්ට කියයි.

ඒත් ඇයි මගේ හිත මෙච්චර කලබල . ඇයි මගේ හිතට පිලිගන්න බැරි ඒ එයාගෙ යාලුවෙක් කියලා .

මට...මට මහ අමුත්තක් දැනෙනවා . බැරි වෙලාවත් මං හිතන දේ ඇත්ත වුනොත් . ඒ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නම්....

නෑ නෑ නෑ ඒ යාලුවෙක් තමා.

ජන්ග්කුක් කොහොම ඒ මිනිහත් එක්ක ඉන්නවද දන්නෑ . කන් දෙකේ ඇබ ගහගෙන තමා ඇත්තේ. එයාට නම් හරියන්නෙම ගිරවෙක්ගේ ප්‍රොෆයිල් පික් එකක් තමා.
ඒත් ... පොඩ්ඩක් ඉන්න. එයා කලින් දාගෙන හිටියේ හා පැටියෙක්ගෙ ප්‍රොෆයිල් පික් එකක් නේද ?
ඒ..ඒ කියන්නේ.. දෙයියනේ ඇයි මට එහෙම හිතෙන්නේ ...

No taehyung no... think positively ..

ඒත් මට මේ ගැන හරියටම දැනගන්න ඕනි . එයිනේ කොයි වෙලේ හරි ඔන්ලයින් . මං මෙයාගෙන්ම දැනගන්නම්කෝ...

pov end

  ටේහියුන් කල්පනා කර කරම ලැහැස්ති වුනේ ටිකක් ඇවිදින්න යන්න හිතාගෙන . ටෑන්වත් ලැහැස්ති කරගත්ත ටේ පාරට බැස්සේ ගෙදර තනියම ඉන්න පාලු හිතුණ නිසා.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now