Chapter 30

847 173 37
                                    


  එකිනෙකාගේ තුරුලේ උනුහුමට මැදි වෙමින් කුළුදුල් ආදරයේ පහස විදිමින් සිටි දෙදෙනාට ඒ තරම් වේලාවක් එසේ සිටින්නට නොහැකි වුණේ නොකඩවා කාමරේ දොරට තට්ටු කෙරූ ඒ පුද්ගලයා නිසා . මුලින් නිහඩවම කාමරේ දොරට තට්ටු කෙරූ ඒ තැනැත්තා සිව්වන පාර තම කටහඩද අවදි කරේ මුළු කාමරයම දෙදරා යන තරම් වූ තිව්‍ර හඩකින් .

" ජන්ග්කුක් .... මේ දොර අරිනවා.... ඇතුලින් ලොක් කරගෙන මොනා කරනවද මන්දන්නෑ. නිදිද ?.... ඒයි ජන්ග්කුක් අරිනවා මේ දොර .. "

සුපුරුදු වූ ජින්ගේ ඝණ්ටාර නාදය එදා ජන්ග්කුක්වත් ඇදෙන් බිමට වැට්ටුවා. දෙදෙනාගේ ඇස් අතර මංමුලා වෙමින් හාදු වර්ෂාවකින් ජන්ග්කුක්ව නහවමින් සිටි ටේහියුන් පවා ඒ හඩට ඇදේ කොනටම විසි වෙලා ගියේ අහම්බෙන් වැදුණු ජන්ග්කුක්ගෙ කකුල් පාරක් නිසා තම නහය අත ගාමින්මයි. තප්පර ගාණක් යනකම්ම අතෙන් කට වහගෙන දෙන්නම මූණෙන් මූණ බලාගෙන හිටියේ හරියට කාමරේ ඇතුලේ කිසිම කෙනෙක් නැති තරම් නිහැඩියාවක් ඇති කරමින් .

" ජන්ග්කුක් මොනවාද කරන්නේ... මං දැන් කීයේ ඉදන්ද කියන්නේ මේ දොර අරින්න. ඔයා ඉන්නවද ?..... "

කළුවර කාමරය හද එළියෙන් පමණක් ආලෝකමත් වෙද්දී ඒ එළිය අතරින්ම තම ක්ලෝසෙට් එක අවුස්සපු ජන්ග්කුක් කොට කළු පාට කලිසමකුයි කලිසම වැහෙන්නම දිගැති සුදු ටී ෂර්ට් එකකුත් අරන් ආයෙත් ඇද ඉස්සරහට ආවේ ටේහියුන් තාමත් ගල් ගැහිලා වගේ බලන් ඉද්දීයි. කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඇස් ලොකු කරන් ඇදේ කොනක බලන් හිටපු ටේහියුන්ගෙ ඇස් සිව් ගුණයකටත් වඩා විශාල වුණේ ජන්ග්කුක් ඊලගට කරපු දේ නිසා . තමා ඇදි බාත්රොබ් එක අවසිහියෙන් මෙන් බිම පතිත කරද්දී ජන්ග්කුක්ගෙ නිරුවත ටේහියුන් ඉස්සරහා මනාව ප්‍රදර්ශනය වෙන්න ගත්තේ ටේහියුන් ඒ දිහා කෙල ගිල ගිල බලන් ඉද්දීයි . කලබලය අතරින්ම තමා කල දේ බරපතලකම තේරුම් ගත් ජන්ග්කුක් වැටුණු බාත්රොබ් එක ඉක්මනින් ඇග මත ඔතාගත්තේ ටේහියුන්ගෙ බැල්මට දවා අළු කරන බැල්මක් හෙලමින්.

" යාආආ .... ඇයි.... ඕවා දැන් කොහොමත් මගේනේ.... හ්ම්ම්...... "

ටේහියුන් ජන්ග්කුක්ගෙ බැල්මට හුරතල් වෙවී උත්තර දුන්නේ ඔවුන් දෙදෙනා මේ ඉන්න තත්ත්වය ගැන මොහොතකට අමතක කරමින් .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now