Chapter 37

733 157 58
                                    


  ජන්ග්කුක්වත් කරේ තියාගෙනම කාමරේට ආපු ටේහියුන් ගමනට ඕනි හැමදේම ලැහැස්ති කරගෙන යුන්ගියි ජිමිනුයි එක්කම ගෙදරින් පිටත් වුණා . හැමෝටම සුපුරුදු පුස්තකාල පාර පහු කරමින් දිගටම ධාවනය වන ටේහියුන්ගෙ කාර් එක පිටුපසම යුන්ගිත් ජිමින්ගෙ කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියා. උදේ ටේහියුන් දුන්න පෙයින් කිලර් එක නිසා ජන්ග්කුක්ගෙ වේදනාව සෑහෙන දුරට අඩු වෙලා තිබ්බත් එය තාමත් රිදුම් දෙන්න ගත්තා . රිදුම් දෙන වේදනාව පරදා හිත ඇතුලින් දැනෙන දරාගන්න බැරි සතුටට මාර්ගය දිහා බලාගෙන එක අතකින් සුක්කානම හසුරුවන ටේහියුන්ගෙ අනික් අත ජන්ග්කුක්ගෙ ඇගිලි එක්ක ජන්ග්කුක් පටලව ගත්තා . තම ඇගිලි අතර නතර වුණු ජන්ග්කුක්ගෙ ඇගිලි වල පහසට ජන්ග්කුක් දිහා බලපු ටේහියුන් දැක්කා ආදරේ පිරුණු දිලිසෙන බෝල ඇස් වලින් තමා දිහා බලන් ඉන්න හුරතල් හා පැටියෙක්ව.

" මොකෝ.. "

ජන්ග්කුක්ගෙ උල් වුණු තොල් උඩ පොඩි කිස් එකක් තියලා මාර්ගය වෙතට අවධානය දුන්නු ටේහියුන් ආයෙත් ජන්ග්කුක්ගෙ අත තමන්ගේ පපුවට තද කරගෙන කිව්වා.

" ලස්සනයි .. "

කට දෙපැත්තට උල් කර කර හුරතල් වොයිස් එකකින් ටේහියුන්ගෙ උඩ ඉදන් යටටම බලන ගමන් ජන්ග්කුක් කිව්වා. ලා දුඹුරු පාට ඩෙනිමට ටේහියුන් ඇදලා හිටපු ලා කොල පාට ෂර්ට් එක ටේහියුන්ට ගෙනාවේ අමුතුම ආකර්ෂණීය බවක්. ඒ ආකර්ෂණීය බව තවත් වැඩි කරන්නට බෙල්ලෙන් ටිකක් පහලට වැටිලා හිරවෙලා තිබුණු හිනාවෙන මූණක් තියෙන පොඩි පෙන්ඩන්ට් එකට තවත් පුලුවන් වුණා .

" හියුන්ග් .. අපි කොහෙද මේ යන්නේ.. "

" ම්ම්.. ගිහින්ම බලන්නකෝ.. "

තවත් විනාඩි දහයක් විතරම මහ පාරේ ධාවනය කරපු ටේහියුන් පොඩි අතුරු පාරකට හරවනවත් එක්ක එතන තිබ්බ ලොකු ටෝයි ශොප් එකක නතර කරා. ටේහියුන්ගෙ වාහනය නතර කරපු තැනට කිට්ටුවෙන්ම වාහනය නතර කරපු යුන්ගි ජිමින්වත් එක්කරගෙනම ටේහියුන්ලා ලගට ආවා.

" අපි කොහෙද මේ යන්නේ ? ඇයි නතර කරේ.. "

" ආ.. .... අපි යන්- ... "

"STAY with ME"|| taekook ( ✔️ )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα