Chapter 19

807 195 55
                                    


" මෝඩයා.. මෝඩ කොටියා.. කොටි හපුවා.. තඩි කොටියා.. ගද ගහන හිපාටුවා... මොලේ නැති ඌරා .. මීමින්නා .. පිස්සු වලහා... ....
තමුසෙගේ මොලේ කොහෙද තියෙන්නෙ කැත මහත ගද ගහන මෝඩ කොටියෝ ... ......... "

ජන්ග්කුක්ගෙ තරහ එන්න එන්නම වැඩිවුණේ ටේහියුන් තාමත් කිසිම දෙයක් තේරුම් ගෙන නොතිබුණු නිසා. ඒත් ටේහියුන් නම් හිටියේ ජන්ග්කුක්ගෙ වචන නිසා පුදුම වෙලා. ජන්ග්කුක් නහයත් උඩට ඇද ඇද ටේහියුන්ට බයින විදිය ගැන එයා පුදුම වුණේ ජන්ග්කුක් කවදාවත් එයාට එහෙම කතා කරලා නැති නිසා.

" ජන්ග්..කුක්.. ඔ..ඔයා මේ මට..ද බනින්නේ.. "

තාමත් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරුව හිටපු ටේහියුන් අමාරුවෙන් වචන ටිකක් අහුලගෙන ජන්ග්කුක්ගෙන් ඇහූවත් ඒ සැනින් දුරකතනය තම කන කිට්ටුවෙන් ඈත් කරේ ජන්ග්කුක්ගෙන් තවත් හොද බැනුමක් බලාපොරොත්තුවෙන් .

" යාආආඅ.. කිම් ටේහියුන් .. තමුන් මං කවුරු කියලද හිතන් ඉන්නේ. මට පිස්සු කියලද ආ.. තමුසෙට මං ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද මෝඩ කොටියෝ... තමුසේ ඉතින් වෙස්සන්තර නේ... හැමදේම දෙන්නැතුව ඔය දෙන්න හිතන දේවල් වලින් එකක් දෙකක් හරි ඔයා ළගින් තියාගන්නවකෝ මෝඩයා... "

ජන්ග්කුක් කියවන කිසිම දෙයක් ටේහියුන්ට තේරුණේ නැතත් එයා ඒ හැමදේම හොදට අහගෙන හිටියේ මැදින් ඇඩ් දාලා හොදට ඇහෙන කන් සවුත්තු කරගන්න ඕන නොවුණු නිසා . ජන්ග්කුක් කියන හැමදේකින්ම ටේහියුන්ව අතරමං වුණු එක විතරයි වුණේ . නමුත් ටේහියුන්ගෙ මේ නිහැඩියාව තවත් ජන්ග්කුක්ව කේන්ති ගැස්සුවා.

" ඒයි.. හැමදේම කරලා දැන් මෙතන කට වහගෙන ඉන්නවද ? .. නැත්තම් ඔය මිහිරි කටහඬ ඇහිලා මං වශී වෙයි කියලා බයයි ද ? ..
පුහ්හ්..... මට එහෙම පිස්සුවක් නෑ හරිද... හ්ම්ම්ම්ම්... "

ටේහියුන්ගෙ කන් නම් මේ වෙද්දී ජන්ග්කුක්ගෙ නොතේරෙන බැනුම් වලින් පිරිලා ගිහින්. තවත් නම් බැනුම් අහන් ඉන්න බැරිම තැන ටේහියුන් කතා කරන්න ගත්තේ සැකෙන් වගේම ලැජ්ජාවෙන් .

" ජ..ජ..ජන්ග්කුක් .. මටත් කතා කරන්න දෙන්නකෝ. ඔතන හියුන්ග්ලා ඉන්නවද ?.. මං කියන්නෙ හියුන්ග්ලා ඉන්න තැනම මට ඔහොම බනින එක ටිකක් හරි මදි නේද ?... හීහී.. තේරෙනවනේ මං කියන දේ.. "

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now