Chapter 52

769 148 75
                                    

One month later ,

  ටේහියුන්ගෙ පුංචි පවුලට එකතු වෙන්න පෙරුම් පුරන අලුත් සාමාජිකයා ගැන දැනගෙන මේ වෙද්දී මාසයක් ගෙවිලා ගිහින් . මීට සති තුනකට විතර කලින් ජන්ග්කුක් වගේම යුන්ගිත් එයාලගේ ෆයිනල් එක්සෑම් එක සාර්ථකව අවසන් කරලා විශ්ව විද්‍යාල දිවියට සමු දුන්නා. මේ ගෙවුණු මාසය තුල ගොඩාක් දේවල් වෙනස් වුණා . නම්ජූන් ජින්ව නීතියෙනුත් තමන්ගේම කරගෙන තමන්ගේ ගෙදර එක්කන් ආවා. ජන්ග්කුක් ගුකී එක්ක එයාගෙ ගෙදර නතර වෙන්න හැදුවත් දේයෝන්ගේ හා ටේහියුන්ගෙ දැඩි විරෝධය මත එයත් සෝල් ඇවිත් නතර වුණා . මේ මාසේ පුරාවටම මිස්ටර් කිම් තමන් අතින් වුණු හා වෙන්න ගියපු වැරදීම් ගැන පසු තැවෙමින් තමන්ගේ දරුවෝ හතර දෙනාට ශක්තිමත් අප්පා කෙනෙක් වගේම එයාගෙ දගයෝ දෙන්නට වගේම එන්න මග බලාගෙන ඉන්න චූටි දගයටත් ආදරණීය සීයා පපා කෙනෙක් වුණා .

" ගුකී බබා.... ඔන්නිට ඩිත්තප් කරන්න අපා..... "

" ඊක්කා ඔන්නි.... ඒ පාත කතයි.. "

" ඒක ලත්තනයි. ඔයාට තේරෙන් නෑ ඔයා බෝයි කෙනෙක් නේ ගුකී ... "

ගුකීගේ චූටි ඇගිලි ලා රෝස පාට කියුටෙක්ස් එකකින් පාට කරමින් සිටි අවුරුදු පහේ චූටි කෙල්ල ඒ වැඩේ සම්පූර්ණ කරලා ගුකීව නැගිට්ටුවේ කණ්ණාඩියෙන් පේන ගුකීගේ ලස්සන බලන්නයි. රෝස් පවුඩර් වලින් කැපී පේන විදියට රෝස පැහැයට ගන්වා තිබූ ගුකීගේ කම්මුල් දෙක නිසා ගුකීට වෙනදට වඩා හුරතල් පෙනුමක් ගෙනාවා. සාමාන්‍ය දිගටම තිබ්බ ගුකීගේ කොණ්ඩය දෙපැත්තට කරලා පොඩි පෝනිටේල් දෙකක් දාලා තිබ්බ ඒ චූටි කෙල්ල පෝනිටේල් දෙක ලගින්ම බනී හෙයා ක්ලිප් දෙකක් ගහලා තිබ්බා. රෝස පැහැයත් සුදු පැහැයත් මිශ්‍රිතව දිවෙන පොඩි ගවුමේ ඉන පටිය ගැට ගැසූ ඇය ගුකීට පොඩි හීල් එකක් තියෙන පා පැලදුමක් පලදා ගුකීව තනිකරම බෝනික්කියක් කරා. ගුකීත් එයාගෙ ඔන්නි එයාට අලුතින්ම දාපු විලාසිතාව දිහා බල බලා හිනා වුණේ එයාට එයාවම හරි ලස්සනට පේන්න ගත්ත නිසා .

" යේ..... මං ඒක කලා... ගුකී එන්න නං අපි කුකී ඔම්මට පෙන්නමු.. "

චූටි කෙල්ලගේ අතින් හැඩවුණු ගුකීව එයාගෙ කාමරේ ඉදන් ඇදගෙන ආපු කෙල්ල පඩිපෙළේ පඩි වලින් බහිනවට වඩා පනින ගමන් ඇවිත් එකපාරටම සාලේ මැද බ්‍රේක් ගැහුවේ ගුකීව එයාගෙ පිටිපස්සේ හංගගෙනමයි . ගුකීගෙයි සොක්ජුනීගෙයි එකේක පිස්සු වැඩ ගැන දන්න ගෙදර හැමෝම එයාලා හෙට දවසේ ප්ලෑන් කර කර හිටපු වැඩ ටිකත් නතර කරලා මේ දෙන්නට හිනාවෙවීම අවධානය දුන්නා.

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now