පළමු වන පරිච්ඡේදය

1.5K 46 5
                                    

චරිත හදුන්වා දෙන්නම්.
❤ - ශාන්

💚- ඊබෝ

💛-ඈන්

🧡-ශින්

💜️-චෙන්

👽- අදුන බලන්නී

🟣- ශාන්ගේ ආච්චි


හිතා ගන්නවත් බෑ.
මට ඒ ජොබ් එක හම්බෙලා. ඇත්තමද? මං ආයෙ ආයෙම මගෙ ෆෝන් එක දිහා බලා ගෙන ඒ මැසේජ් එක කියෙව්වා.

සතුට වැඩි කමටම ඇඩෙන්න වගේ. දැන්ම ආච්චට කියන්න ඕනි .

❤'ආච්චා ආච්චා මට ජොබ් එකක් හරි ගිහින් .'
🟣හැබෑට කොහෙද ළමයෝ?

❤මං අර එදා ඉන්ටව් එකට ගියේ.

🟣අනේ එහෙනම් කොච්චර දෙයක්ද?

ආච්චි මං දිහා බලලා ලොකු සැනසුම් සුසුමක් හෙලුවා.
රස්සාවක් නැතුව ගිය ටිකේම පුදුම දුකක් වින්දේ. ඒක ලොකු coffee shop එකක්.
මං එතනට වෙලා ගොඩක් වෙලා හිටියා. පස්සෙ එතන වේටර් වැඩේට හිටිය කොල්ලා යනකම් ඉදලා පස්සෙන් ගිහින් තමා මට ජොබ් එකක් ඉල්ල ගන්න පුලුවන්ද ඇහුවේ.. කොල්ලගෙ නම්බර් එක ඉල්ලන් ආවා. එයා කිව්ව විදිහටම අවශ්‍ය details ටික යැව්වා. interview එකට ඇවිල්ල හිටියෙ පොඩි වයස්වල ගෑනු ළමයි පිරිමි ළමයි.මං හිතුවෙ නෑ මට හම්බ වෙයි කියලා.

මට වයස විසි තුනක්. ඒත් එච්චර පේන්නේ නෑ. පොඩි ට්‍රේනින් එකක් දෙනවා කියලා කිව්වා select උනොත්.

ඒ කියන්නේ මට ට්‍රේනින් එකක් හම්බෙයිනේ. දැන් නං හිතට ගොඩක් හොදයි. මට ජොබ් එකක් තියෙනවනේ.

මගේ නම සීන් ෂියාඕ ශාන්. කවුරුත් මට කතා කරේ ශාන් කියලා. අවුරුදු අටේදී ම අම්මයි තාත්තයි දෙන්නම ගැන තියෙන මතකය අමතක කරලම දාන්න උනා. මම එයාලගේ එකම ළමයා. ඒත් සිද්ධ උනේ මොකක්ද කියන එක ගැන මට කිසිම තේරුමක් නෑ. හැමෝම කිව්වේ අම්මයි තාත්තයි දෙන්නම මැරුනා කියලා. ඒ වෙලාවෙ මම හිටියේ ඉස්පිරිතාලෙ. උණ හැදිලා. ඒක නිසා වෙච්ච දෙයක් වත් වෙන්න තියෙන දෙයක් වත් මට හිතාගන්න බැරි උනා.

අදටත් ආච්චිගෙන් ඒ ගැන අහන්න බැහැ.ආච්චි අසනීප වෙන්න ගන්නවා.
මගේ ජීවිතයේ පාලුව තනිකම යන්න මගේ ළඟම හිටියේ මගේ ආච්චි. ඒක නිසා ළඟ ඉන්න එකම කෙනා නැති කරගන්න මට උවමනාවක් නැති වුණා.
ඒත් දෙමව්පියො නැති අඩුපාඩුව මට තදින්ම දැනුනා.

ඉස්කෝලෙන් පස්සෙ මම කෙලින්ම රස්සාවක් හෙව්වේ ආච්චිගේ පෙන්ශන් එකෙන් ජීවත්වෙන එක මට වරදකාරී හැගීමක් වුන හින්දා.
ඉතින් මෙ රස්සාව මට ලොකුම දෙයක්. පුළුවන් තරම් හොඳින් මම මේ රස්සාව කරනවා.

.
.
.


බලමු ශාන්ට මොකද වෙන්නේ කියලා නේ🤗🤗
මේ මගේ පළවෙනි fan fic එක.
කියවලා ගුනදොස් ඇත්නම් කියන්නකෝ.

හුස්මWhere stories live. Discover now