10 වන පරිච්ඡේදය

210 39 9
                                    

නෑ... අනේ...  ඒක එහෙම වෙන්න එපා. මං දැනං උන්නා තමයි එයා සල්ලි තියෙන කෙනෙක් කියලා.ඒත් මෙච්චර ..... මෙච්චරම  වෙනසක් අපි අතර තියෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.
ඇත්තටම මං ආයෙම ආයෙ ම එයාව දකින්න කැමති වුණා. දන්නෙම නැතුව මගේ ඇසට කඳුළක් ආවා.
මං හිතන්නේ  මං ඒ කැමැත්ත උපන්ගෙයිම වැළලූවා. හිතට අගුළු දා ගන්නත් වෙනවා. මොකද බොරු කිය කිය නටන්න ඕනි නෑ. මගේ හිත ගැන මං දන්නවා. මගේ ඇස් ආසයි ඒ රූපෙට.

ඒයි ශාන්  මොනවද ඔයා හිතන්නෙ? පිස්සු හැදිලද? මගේ හිත මටම දොස් කියා ගත්තා.

🧡ශාන්  කල්පනාවෙන් ඉඳපන්.

❤okay ශින්.

මං වැඩේට අවධානය දුන්නා.

අවධානෙ දුන්නා කිව්වට මං ඉතින් වටේම තියෙන  table දිහා බලන්න එපායෑ.

ඔන්න. හරියටම එයා ඉන්න table එකට එහා table එකේ lady ළග dish  ගන්න යන්න කියලා  අපේ boy කෙනෙක් පෙන්නුවා. 
මං ඉස්සරහ බලනකොටම මං දැක්කේ මාව පුච්චලා දාන හැගීමකින් මං දිහා බලන් ඉන්න ඒ රූපෙ. මං ටක් ගාලා ඇස් වෙන පැත්තකට හරවලා ඒ පැත්ත නොබලම අර table එක පැත්තට ගියා. 
මං අනිත් පැත්ත බලන් ගියත් මගේ ඇස් කොනට එයා මං දිහා බලන් ඉන්න බව නම් පෙනුණා.

මං හිතන්නේ මට වැරදීමකින් දුන්න සල්ලි ඉල්ලන්න වෙන්න ඇති. නෑ. නෑ අදත් මං බලන් හිටිය එක මාට්ටුනේ. හයියෝ.. නැත්තම් එයා මාව අදුන ගත්තා කියන එකද?....  මට හොදටම පිස්සු දැන්.

ඒ table එක පහු කරන් අර lady ගාවට ගිහින් මම කතා කළා

❤Excuse me madam, May i take these dishes away?

👩‍⚖‍ yes please.

   Dishes ටික අරන් මං එනකොටත් මට දැනුණා ඒ ඇස් මං දිහාම බලන් ඉන්නවා. ඇයි අප්පා. ....🙄

මං dishes ටික rack  එකෙන් තිබ්බා.  ආයේ හිටිය තැනටම ගියා. දැන් නම් අවුලක් නෑ. වෙන අතක් බලන් ඇති කියලා හිතාගෙන මං ඒ පැත්ත බැලුවා.  හික්...

අම්මේ තාමත් ඒ විදිහටම බලන් ඉන්නවා.

හයිකුවාන් මහත්තයා එයා දිහා බලලා මං ඉන්න පැත්ත බැලුවා. හරියට මොකක් හරි කියන්න වගේ. එයාගේ table එකේ හිටියේ හයිකුවාන් මහත්තයය්, ලස්සන girl කෙනෙකුයි, තවත් වැදගත් පෙනුමට ඉන්න මහත්තයෙකුයි. ඒ කාත් එක්කවත් එයා කතා කරන පාටක් නෑ.

හුස්මOnde histórias criam vida. Descubra agora