9 වන පරිච්ඡේදය

192 37 1
                                    

බ්‍රහස්පතින්දා උදේ වෙනකොට හොටෙල් එක හරිම කලබලකාරී වෙන්න ගත්තා. හොටෙල් එක ඇතුලෙ හැමෝම කඩියෝ වගේ වැඩ.  ඇත්තම කිව්වොත් අනිත් floors වල කට්ටිය හිටියා. ඒ හිටියත් ඒ අය ගැන කිසිම කෙනෙකුට ගානක් උනේ නෑ. fourth floor එකත් rooftop එකත් ගොඩක් කාර්යබහුල තැන් උණා.

මං මට දුන්න යුනිෆෝම් එකත් ඇඳගෙන ඈන් වැඩ කරන තැනට ගියා.

🧡හප්පේ කොල්ලගෙ ලස්සන...

💜️වූහූ.....

ඒක කිවුව විදිහට මගේ මූණ රතු වුණා කියලා මට තේරුණා.

💜️මේ බනිය ගෙ නම් කෝලං ඉවරයක් නෑ.

ලෝරා ආන්ටි:   ඒක නං ඇත්ත. මේ ළමයා හිනා වෙද්දි ඇස් දිලිසෙනවා. හරිම සිරියාවයි.

💜️ ඔය යුනිෆෝම් එක වැඩියෙන්ම ගැලපෙන්නෙ උඹට තමයි.

❤ අනේ මේ.........      කෝ ශින්?

💜️අන්න එයා උඩට ගියා.

❤ හරේ...

මං උඩට ගිහිල්ලා  ඩිශ් එකතු කරද්දී මට ඕන කරන ට්‍රේ එහෙම ලෑස්ති කරගත්තා.

කිසිම වෙලාවක අපිට කිසිම කෙනෙකුට බනින්න අවසර නෑ. ඒක නිසා අපි පුළුවන් තරම් පරිස්සමට වැඩ කරන්න ඕනා.

කිසිම ප්‍රශ්නයක් නැතුව උදේ වරුව ගත වෙලා යද්දි හවස event එක ගැන හිතේ බයක් අපි හැමෝගෙම හිත්වල පිරෙන්න ගත්තා.

හතර වෙද්දි නාගෙන කරගෙන උදේ දුන්න  ඇදුම වගේම ඇදුමක් දා ගත්තා. මං මල්  කුමාරයා වගේ ඒක ඇන්දාම. හි හි හි.....

හවස 6.30 වෙද්දි event එකට එන වාහන ඈතින් පෙනෙන්නන ගත්තා.  ඒවා සුපිරිම වාහන.

🤵 එහෙනම් කොල්ලනේ වැඩේ හරියට කරන්නයි තියෙන්නේ. අපේ හයිකුවාන් මහත්මයා වෙනුවෙන් හරියට වැඩ කරමු.

කට්ටියවම උනන්දු කරලා ගන්න මැනේජර් සර් එහෙම කිව්වා.

අපි හැමෝම උද්‍යෝගයෙන් වැඩේට ඇදලා ගන්න ඒ වචන වලට පුළුවන් වුණා.

ටික ටික රෑ වෙනකොට කට්ටිය indoor party එක ඇතුළට එකතු වුණා. 7.30ට තමයි ප්‍රධාන ආරාදිත අමුත්තා එනවා කිව්වේ. Mr. Wang . හැමෝම එයාගෙ පැමිණීම ගෞරවයක් වගේ සැළකුවා. චීනේ ලොකුම ව්‍යාපාරිකයාලු. Roof top එකට ආවොත් මටත් බලන්න පුළුවන් වෙයි.  මං දැකලා නෑනේ. සමහර විට උඩට එන එකක් නෑ. වයස මිනිස්සු කැමති නෑ රෑ සීතල වදිනවට.

හරියටම 7.30 වෙද්දි වාහන 3ක් එක පෙළට ආවා.  මං ඉන්න තැනට ඈත පාර පේනවා.

චීෆ් ගෙස්ට් ආවා. උඩ හිටපු  අය පොඩ්ඩක් ඔළුව දාලා බිම බැලුවා. මටත් බිම බලන්න හිතුනා. ඒත් ඉතින් ඕව කරන්න ගිහින් බැනුම් අහන්න උනොත්.

👩👩මං හිතන්නේ ඒ ඇඳුමම ලොකු ගානක්.

වැඩට හිටිය girls ලා දෙන්නෙක් එහෙම කතා උනා.

නැතුව චීනයේ  ලොකුම  businessman වේටර් කිට් එකක් ඇඳන් එන්න යෑ.  මගේ හිතින් මං උන්ට කිව්වා.🤣

දැන් ඉතින් සාමකාමීව ළයාන්විත සංගීතයකට fourth floor එකේ party එක නැගලම යනවා. ඔන්න ඉතින් 8.30 වෙද්දි roof top එකෙත් music පටන් ගත්තා. සැක්සර්ෆෝන් එක ලස්සන සරාගී ගීයක් මුමුණන්න පටන් ගත්තා. මං කළේ  එන අය දිහා බලන් උන්න එක. මොකද මට තියෙන්නේ table වලට උකුසු ඇස දාන් ඉදලා කෑම ඉවර වුණ dishes ගේන්නනේ. ඉතින් මගෙ වැඩ තව සෑහෙන වෙලාවකට එන්නෙ නෑ.

සරාගී ගීයේ ලස්සන නැමීමක් ඇති තැනකදි කට්ටියක්ම එක පාරට කෙනෙක්ව වට කරගෙන roof top එකට ඇතුළු වුණා. මාත් හරිම උනන්දුවෙන් ඒ දිහාව බලාගෙන උන්නා . පේන්නේ නෑ . එච්චර කට්ටියක් ඇයි එක සැරේම.
ආ ආ.. මිස්ටර් හයිකුවානුත් ඒ එක්කම.

💛 ඒ chief guest.. බෙල්ලෙ පොට යයි ඔහොම බැලුවොත්.

❤ හෑ....

💛 හෑ .. නෙමෙයි. අපිට කල්පනාවෙන් ඉන්න වෙනවා.

❤ හ්ම්ම්.. මං හිතුවෙ නාකි මනුස්සයෝ උඩට නගින්නෙ නෑ කියලා.

💛 මොකක්?  නාකි???     ඒ මනුස්සයා නාකි නෑ...🙄🙄

ශින් මගේ ලග හිටියත් මම බලාගෙන හිටියේ ඒ මනුස්සයා දිහා. කට්ටිය වට වෙලා නිසා තාම දැක්කේ නෑ.


දැක්කා දැක්කා.

අතක් දැක්කා.

සුදුම සුදු අතක්. 😁

එතකොටම එතන හිටිය පිරිස එහෙට මෙහෙට වෙලා tables වලට ගියා.

ඔව් මං හිතන්නේ දැනුයි මං එයාව හරියටම  දැක්කේ.

මං හිතන්නේ මගේ කට ඇරුණා.😯


ඔව් ඒ එයා. ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





හුස්මWhere stories live. Discover now