53 වන පරිච්ඡේදය

173 28 21
                                    

මං ජීවත් වුනු සිහින ලෝකය කවුරුන් හෝ මා ඉදිරියේ පොළොවේ ගසා කුඩුපට්ටම් කර දැමූ බවක් මට දැනුනත් ලෝකයම ඉදිරියේ නිවටයෙකු බවට පත්වුනු මා පපුව ගිනි ගනිද්දිත් විස්කි ග්ලාස් එක බිව්වා. ඔහු යන අයුරු පෙනෙන්නේ බොඳවුණු දෙනෙතින් බැවින් ඔහුගේ රූපය තවදුරටත් මට කඩවසම්ව නොපෙනී ගියා. ඔහු මගේ වස්තුවක් වන බව මා දැඩිව විශ්වාස කරන බවත් ඔහු නොමැති ජීවිතයක් මට නොවන බවත් මගේ හදවත හඩා කෑගසමින් පවසන විටත් මම ඉවත බලා ගත්තා.

සොඳුරු දවසක සොඳුරු මොහොතක ගතින් අපගේ වූ හැඟුම් සන්තර්පණය කළ ඒ සුන්දර මොහොත මතක් වුණු මට ඉකියක් පිටවුණා. changing room පැත්තට මගේ කකුල් නොදැනුවත්වම මාව ඇදගෙන ගියා.

🧑ශාන්... ශාන් ....ඇයි...? ඇයි මොකද මේ?

ඔහේ වෙනුවෙන් ඉස්සරහට එන මාව දැක්කා අකිරා දුවගෙන ඇවිත් මාව අල්ලගත්තා.

❤අකිරා...... අනේ.. මට...

මගේ කඳුළු එක්කම ඉකියක් හිරවුණු නිසා මට කිසිම දෙයක් කියාගන්න බැරි වුණා වගේම මම මෙතෙක් වේලා සඟවාගෙන සිටි වේදනාව පිටාර ගලන්නට විය.

❤අනේ....

මට කියන්න ඕන උනේ අනේ එයා වෙන කෙනෙක් එක්ක ගියා කියලා උනත් මෙතන ඉන්න අකිරා කිසිම දෙයක් දන්නේ නැති නිසා ඒ කියල තේරුමකුත් නැති බව මට තේරුණා.

🧑 කියන්න ශාන්..

ශාන් ......ශාන්....

කියන්න කියලා හුඟ වෙලාවක් එයා කිව්වත් මගේ ඇඩිල්ල නිසා මට කිසිම දෙයක් කියාගන්න බැරුව ගියා. මිනිත්තු කිහිපයක් අඬලා ඉවරවෙලා මගේ හිතට නිදහසක් දෙන්න ඕන නිසා මං තීරණය කළා අකිරා එක්ක කතා කරන්න.

❤තමන් ආදරේ කරන කෙනා වෙනින් කෙනෙක් එක්ක හොටෙල් රූම් එකට ගියොත් ඔයා මොකද කරන්නේ අකිරා..

මගේ හිතේ තිබ්බ එක මං එහෙම පිටින්ම අකිරගෙන් ඇහුවා.

🧑මම එයාට ගහනවා

එයා දුන්නේ මම හිතුවෙවත් නැති උත්තරයක්.

❤හ්ම්ම්...

ඒත් මට එයාට ගහන්න බෑනේ.

❤මාත් එයාට ගහන්නද?

හුස්මWhere stories live. Discover now