15 වන පරිච්ඡේදය

199 39 10
                                    

හිත රිදෙන කතා ගොඩක් ඇහුණා. මොනා කරන්නද අහල නිශ්ශබ්ද වෙනවා ඇරුණුකොට.

කියවෙන ගොඩක් දේවල් ඇත්තනේ.

මං හීන මවන් උන්නට.







💚 කිසිම meeting එකක් Monday night වල arrange කරන්න එපා.

👨 okay sir.

💚 මගේ private number එකට එන cls tap වෙන්න බෑ.

👨 okay sir.

💚 මගෙ room select කරද්දි water sounds ඇහෙන විදිහට arrange උන room එකක් තෝරන්න.

👨 okay sir.

💚 මිස්ටර් හයිකුවන්ගේ hotel එකට coffee shop එකට වන්ග් star එක දෙන්න.

( වන්ග් star: මෙම star එක ප්‍රදර්ශනය කිරීමෙන් එම ස්ථානයේ ඇති කෑම බීම සදහා recomnd කිරීමක් සිදු වේ. එමගින් පාරිභෝගිකයන් වැඩි වේ. මෙය බොහෝ කලාතුරකින් ලැබෙන ත්‍යාගයකි. මෙය ඊබෝගේ සීයා සහ පියා කළ දෙයක් වන අතර ඊබෝ මෙය සිදු කර ඇත්තේ අවස්ථා කීපයකදී පමණි.)
👨 okay sir.

💚 මේ tour එකෙන් පස්සෙ දවස් දෙකක්වත් මට නිවාඩු ඕනි. ඒක නිසා දාලා තියන වැඩ ඒවායින් පස්සට දාන්න. I need a break.

👨 okay sir.





සෙනසුරාදා දිනයත් ගෙවී ගියේ මන්දගාමීවය.

ඉරිදා ශාන්ගේ නිවාඩු දවසයි. ආච්චිත් එක්ක super market එකට ගිහින් අයිස් ක්‍රීම් එකක් එහෙම කාලා එන දවස. පොඩි කාලේ ඉඳන් එයාගෙ ආසාව වුනේ rollercoaster එකක යන එක. ඒත් මේ වෙනකන් එයා ඒකක ගිහින් තිබ්බෙ නෑ.
ඒකට හේතුවක් තිබ්බා. එයා ළඟින් යන්න කෙනෙක් එයාට ඕන වුණා. පොඩි කාලේ නම් එයාගේ තාත්තා. ඒත් අවාසනාවකට තාත්තත් එක්ක rollercoaster එකේ යන්න එයාට බැරි වුණා.

එයා ඈතින් පේන rollercoaster එක දිහා බලාගෙන හිටියා. ආච්චි එක්ක එයා යන්න කැමති නෑ. මොකද ආච්චිට ඒකේ යන්න බෑනෙ.

ගොඩක් වෙලාවට shan පොඩි ළමයෙක් වගේ. මොකද එයාට පොඩි කාලේ කරන්න තිබුණු දඟකාරකම් කිසිම දෙයක් එයාට කරන්න හම්බුනේ නෑනේ.

ඉතිං එයාට මහලොකු දේවල් ඕන උනේ නෑ. එයාට ඕන වුණේ පුංචි දෙයකින් පවා සතුටින් ජීවත් වෙන්න. කෝටිපතියෙක් එයාගෙ හීනේ කොතනකවත් හිටියේ නෑ.
ඒ වෙනුවට පුංචි  පැල්පතක වුනත්  උණුහුමට ගුලි ගැහිලා ඉන්න අහිංසක ආදරයක් එයාට ඕනි උනා.

හුස්මWhere stories live. Discover now