58 වන පරිච්ඡේදය

144 29 12
                                    

කාලයක් ගිහින් හරි මට උඹව විශ්වාස කරන්න පුළුවන් වෙයිද? එහෙම උනොත් මගේ ජීවිතේ වෙනස් වෙයි නේද? කියපන් ශානු උඹ මගේ විතරද?

........................
Author's Pov

ශානු හිටියේ  තද නින්දක.  ඒත් එයාගේ නින්ද දිහා බලාගෙන ඉන්න බැරි තව කෙනෙක් හිටියා. ඒ මිස්ටර් වන්ග්. එයා දැන් කාමරේට ඇවිල්ලා මිනිත්තු හතලිහක් විතර ගත වුනා. ශානු ගාවීන් වාඩිවෙලා ශානු දිහාම බලාගෙන ඉන්නවා. ශානු නම් මේ වෙනකොටත් සුවබර නින්දක. මිස්ටර් වන්ග් හෙමින් ඇඳ වියලට හේත්තු වුණා. දැන් එයා නිරායාසයෙන්ම ෂානුගෙ ලස්සන හිස කෙස් අතරින් එයාගේ ඇගිලි ගෙනියනවා. ශානුත් සනීපෙට නිදි.මොකද ශාන්ට ගිය ටිකේම මේ තරම් සනීප නින්දක් ලැබුණේ නෑ. මොකද එයාගේ ඇස් වෙහෙසිලාමයි තිබ්බේ මිස්ටර් වන්ග්ව හොයන්න.

මිස්ටර් වන්ග් නොදැනුවත්වම එයාගෙත් ඇස් පියවීගෙන ආවා. එයා මෙච්චර කල් නොලැබූ සුවයක් ශාන් එයාගේ ජීවිතයට ආවට පස්සේ එයා ලබල තිබ්බා. ඒත් එයාට සැනසිල්ලේ ඇස් පියාගෙන ඉන්න හමුවුණේ නෑ. මොකද ශානු එයාට නැතිවෙයි කියන බය එයාගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. ඒක නිසා එයාට සැනසිල්ලේ ඇස් පියා ගන්න බැරි උනා. ඒත් එයා ඇස් ඇරගෙන ශානුගේ වශී වෙන මුහුණ දිහා බලාගෙන හිටියා.

මොකද මේ වෙනකොටත් මිස්ටර් වන්ග්  ශානු භාරගත්ත කන්ට්‍රැක් වලින් ශානුව අයින් කරගන්න කටයුතු කරලා තිබ්බා. ඒ වගේම ඒ කන්ට්‍රැක් වලට අදාල මුදල් සියල්ල ගෙවලා තිබ්බා. සමහර ආයතන නම් මිස්ටර් වන්ග්ගේ හිත සතුටු කරන්න හින්දම කන්ට්‍රැක් එක අහෝසි කරලා දැම්මා නිකම්ම. ඒත් ශානුගේ ඒජන් සිය තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. ඒකෙ අයිතිකාරයා මිස්ටර් වන්ග්ගෙ කසින් කෙනෙක් උනත් එයා එයාගේ තීරණය වෙනස් කරන්න කැමති වුණේ නෑ.

කයිරෝ කිව්වේ මිස්ටර් වන්ග්ට ඉවසන්න කියල උනත් එයාට බැරිම දේ උනේ ඉවසීම.  මිස්ටර් වන්ග් කිව්වෙ ඒ ඒජන්සිය බිමට සමතලා කරලා හරි ෂානුගෙ contract එක අයින් කරලා දෙන්න කියලා. ඒ හිත් අමාරුව නිසා තමයි දැන් මිස්ටර් වන්ග්ට නින්ද යන්නෙ නැත්තෙ. ශානු   එයාගෙම විතරයි කියන හැඟීම නිසා එයා කැමති වුණේ නෑ ශානු කිසිම විදිහකින් පිටස්තර සමාජයට පෙනෙනවාට.

හුස්මWhere stories live. Discover now