36 වන පරිච්ඡේදය

167 34 14
                                    

Shan's pov

මොන පිස්සුවක්ද මම මේ නටන්නේ? මං එහෙම දෙයක් කිව්වෙවත් කොහොමද? එයාට තරහා ගියා එයාට දුක හිතුණා කියලා මං මගෙ අයිතිය නිකම්ම එයාට දීලා දානවද?

මගේ කටින් පිටවුණු වචන ගැන මටත් හිතාගන්න බැරි වුණා. හවස පහ වෙද්දී ලෑස්ති වෙලා ඉන්න කිව්වා. කමක් නෑ මං ලෑස්ති වෙන්නම්කෝ...

කියපු දේ ආපස්සට ඇදලා ගන්නත් බෑ. දැන් මං මොකද කරන්නේ?
මම ඔහේ ඇඳට වෙලා හිටියා. එයා වොෂ් දාගෙන ආවා. මං දිහා නිකමටවත් බැලුවේ නෑ. එයා ඇඳුම් තියෙන කාමරයට ගියා.

ඇඳුමත් ඇඳගෙන ඉවර වෙලා එක පාරටම එයා ඒ කාමරයෙන් එළියට ඇවිල්ලා මගේ පැත්ත බැලුවා.

💚 පැනලා යන්න ලෑස්ති වෙන්න එපා. එහෙම උනොත් කවදාවත් ගෙදර යන්න හම්බෙන එකක් නෑ.

මං හා කියන්න ඔළුව වැනුවා.

❤මට ටිකක් කතා කරන්න ඕන.

බයෙන් වුනත් මං එයාට කියන්න ඕනි නේ.

💚 මොනවා ගැනද?

එයා මා දිහා බලලා ආයෙත් කන්නාඩිය දිහා බලා ගත්තා.

❤ මම මීට කලින් කිසි කෙනෙක් එක්ක එහෙම ඉඳලා නෑ.

ඒක කියනකොට එයා මං ළඟට ආවා. ඇඳ ගාවින් ඉඳගත්තා.

💚 හ්ම්ම්... ඉතින්.

❤කොන්දේසියක් තියෙනවා.

💚 කොන්දේසියක්...?

❤ ඔව්.

💚 මොකක්ද?

❤ මං කැමතියි හවසට ඔයා තරහ ගන්නේ නැතුව ඉන්නවනම්. හවසට විතරක් ආදරේ කරන දෙන්නෙක් වගේ ඉන්නවනම්. එතකොට මට බයක් දැනෙන්නේ නෑ.

එයා මගේ මූණ දිහා බලාගෙන මොනවා හිතුවාද මන්ද...

💚 හ්ම්ම්... එකගයි.

මං හිතුවෙවත් නැති විදිහට එයා මගේ කොන්දේසියට එකඟ වුණා. ඊට පස්සේ එයා කාමරේවත් ඉන්නේ නැතුව යන්න ගියා.

මට නිකන් පිස්සු හැදෙන්න වගේ. මොනවද මං මේ කරන භූත වැඩ. මං එයාට කැමතියි කියලා පිස්සුම නටන එක තමා කරන්නේ. හරි කමක් නෑ. මං ඔයාට මට වටිනාම දේ දෙන්නම්කෝ. මගේ ජීවිතේ මහ ලොකු බලාපොරොත්තු නෑනේ. මං දැනගෙන හිටිය ඒ දේත් කිසිම වටිනාකමක් නැතුව සිද්ධ වෙයි කියලා.

හුස්මWhere stories live. Discover now