30 වන පරිච්ඡේදය

207 33 10
                                    

කවුරුහරි මගේ  අතෙන් ඇද්දා. කවුද???ඇස් ඇරෙන්නේ නැහැ.   මම බොහොම අමාරුවෙන් ඇස් අරින්න උත්සහ කළා. ඇහි පිහාටු ගම් ගාල අලෝලා වගේ.

අත හයියෙන් අදිනවා. කියන ඒවා ඇහෙන්නෙත් නෑ. අත යකඩෙකට අහු වෙලා තියෙන්නේ කියලයි  දැනෙන්නේ. මට රිදෙනවා. අතේ රිදිල්ලටම මං ඇස් ඇරියා.

මිස්ටර් වන්ග්.

ඔව්. දැන් මාව මරයි. මාව කලිනුත් මරන්න හැදුවා. මගේ තියන උපරිම හයිය දාලා මම දුවන්න හැදුවෙ. ඇඳෙන් බහින්න ගියත් මට බැලන්ස් එක නෑ කියලා තේරුණා.  වැටෙන්න ගියත් මාව වැටුණෙ නෑ.

හිතන්නත් කලින් එයා මාව අල්ලගත්තා. ඒ ග්‍රහණය හරිම දැඩියි.
බය උන තරමට වචන මතක් වෙන්නෙත් නැහැ.

❤ අනේ ... අනේ සර්..

මාව හොදටම බයේ ගැහෙන්න ගත්තා. ඒත් මගේ අත නං තාම මිස්ටර් වන්ග්ගේ අතට අහුවෙලා යි තිබ්බේ. ඒක දඩු අඩුවක්. ගැලවිල්ලක් නෑ. අත ගළවන්න ගළවන්න ග්‍රහනය වැඩි වුණ එක විතරයි වුණේ.

💚ම්ම්ම්.... ආහ් දැන් කෑගහනව
හොස්පිට්ල් එකේ දි වගේ. අහ්.. අර  දොස්තරයා නෑනේ නේද  ඇගේ එල්ලෙන්න?

මිස්ටර් වන්ග්ගේ කතාවට මං තවත් බය උනා.  එයාට කේන්ති ගිහින්. යකෙක් වගේ. අනේ ඇයි මටම මෙහෙම.

❤අනෙ කවුරුත් නැද්ද මාව බේරගන්න? අනේ....

මට පුළුවන් වුණු එකම දේ කෑගහන එක විතරයි.

ඒ වෙලාවේ මිස්ටර් වන්ග් වියරු වැටිලා වගේ හිනා වෙන්න පටන් ගත්තා.

හරියට සයිකෝ කාරයෙක් වගේ. අනේ එපා. මාව මරන්න. එහෙම විතර යි මට හිතන්න ලැබුනේ.

මිස්ටර් වන්ග් මගේ අත්දෙකෙන්ම එයාගේ ලඟට ඇදලා ගත්තා.මාව ගිහින් ඒ ගලක් වගේ තියන පපුවේ වැදුනා. ඊට පස්සේ උනේ නම් හිතුවෙවත් නැති දෙයක්.

හිතන්නත් කලින් මාව  මිස්ටර් වන්ග් වඩාගත්තා.  නිකන් මං පුළුන් ගොඩක් වගේ. වඩාගෙන හරි පරිස්සමට ඇඳෙන්  තිබ්බා.   හේත්තු වෙන්න කොට්ට දෙකක් තියලා මාව බලෙන්ම ඇදට හේත්තු කළා. මොකක්ද මේ කරන්න හදන්නේ??  අනේ... මාව බයේ වෙව්ලන්න ගත්තා.

හුස්මWhere stories live. Discover now